ගලීල මුහුද අසල ඇති කපර්ණවුම නැමති ගමට ඔබ ගියහොත් පැරණි ඔලීව මිරිකන යන්ත‍්‍ර ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා ඔබ දකී. කළු ගල්වලින් නිමවා ඇති එම යන්ත‍්‍රවල කොටස් දෙකකි. පහත ඇති රවුම් ගල සහ අඹරන කළු ගල් රෝදයයි. එම රෝද වලින් ඔලීව තලා තෙල් ගනු ලැබේ.

උන්වහන්සේගේ මරණයට පෙර රාත‍්‍රියෙහි යෙරුසලමට ඉහළින් ඇති ඔලීව කන්දට යේසුස්වහන්සේ ගියසේක. ඉදිරියේදී මුහුණ දීමට ඇති කාරණා දැන ගෙත්සෙමෙන උයනේදී උන්වහන්සේ පියාණන්වහන්සේට යාච්ඤා කළසේක.

ගෙත්සෙමෙන යන්නෙහි අර්ථය “ඔලීව යන්ත‍්‍රය තබන ස්ථානය”යන්නයි. අප වෙනුවෙන් ක‍්‍රිස්තුස්වහන්සේගේ වේදනාව සහ දුක්විඳීම එය හොඳින් විස්තර කරයි. එහිදී උන්වහන්සේ මහත් වේදනාවෙන් යුක්තව යාච්ඤා කළසේක.”උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය” (ලූක් 22:44).

යේසුස්වහන්සේ නැමති දිව්‍ය පුත‍්‍රයාණන් “ලෝකයේ පාපය දුරුකරන”පිණිසත් (යොහන් 1:29) පියාණන් සමඟ අපගේ කැඩුණාවූ සම්බන්ධතාවය පිළිසකර කරන පිණිසත් මැරුණසේක.”සැබැවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය. දරාගත්තේ අපේ ශෝකය… උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුනේය, උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී
තිබේ) (යෙසායා 53:4-5).

අපගේ සිත් නමස්කාරයෙන්ද කෘතඥතාවයෙන්ද මොරගසයි.