පාස්කුවේ එක් කාරණයක් මා සැමවිට කුතුහලයට පත් කරයි. කුරුසිපත් විමේ කැළැල් යේසුස්වහන්සේ තබා ගත්තේ ඇයි? මා සිතන ලෙස උන්වහන්සේ කැමති නැවත උත්ථානවූ ශරීරයක් උන්වහන්සේට තබා ගැනීමට හැකි විය. එහෙත්
උන්වහන්සේ තෝරාගත්තේ විශේෂයෙන්ම කැළැල් වලින් හඳුනාගත හැකි, දැකිය හැකි, ඇල්ලිය හැකි ශරීරයකි. එ් මක්නිසාද?

මා විශ්වාස කරන්නේ යේසුස්වහන්සේගේ අත් සහ පා වල එ් කැළැල් නොමැතිව පාස්කු කතාව සම්පූර්ණ නොවනබවයි (යොහන් 20:27). මනුෂ්‍යයන් සිහින මවන්නේ සුදු , සෘජු, දත් දෙපෙළක්, කැළැල් නැති සමක් සහ අලංකාර ශරීර හැඩයකටය. අප සිහින මවන්නේ අස්වාභාවික තත්ත්වයක්ය: සර්වසම්පූර්ණ ශරීරයක්ය. යේසුස්වහන්සේට නම් ඇට සැකිල්ලකට සහ මිනිස් සමකට සීමාවීම අස්වාභාවික තත්ත්වයකි. කැළැල්, උන්වහන්සේ අපගේ ලෝකයට සීමාවීම සහ විඳි වේදනාව පිළිබඳ සදාකාලික මතකයකි.

ස්වර්ගය පැත්තෙන් බලන විට එම කැළල් නියෝජනය කරන්නේ විශ්ව ඉතිහාසයේ සිදු වූ ඉතා භයංකාර සිද්ධියකි. එම සිද්ධිය පවා මතකයකට හැරවිණි. අපට ගලන කඳුළු, අප දරාගෙන යන අරගල, අපගේ හැඟීම් තුළ ඇතිවන වේදනාව නැතිවූ මිත‍්‍රයන් සහ නෑයින් ගැන තිබෙන සිත් තැවුල් සියල්ල යේසුස්වහන්සේගේ කැළැල් මෙන් දිනකදී මතකයන් වනු ඇත කියා පාස්කුව නිසා අපට සැනසිය හැකිය. කැළැල් කිසිදා සම්පූර්ණයෙන් ඉවත් නොවේ. එහෙත් එ්වා තව දුරටත් වේදනාව දෙන්නේ නැත. මතු දිනක අපට ප‍්‍රතිස්ථාපිත ශරීරයද ප‍්‍රතිස්ථාපිත ස්වර්ගයක් සහ පොළොවක්ද ලැබේ (එළිදරව් 21:4). එසේම අපට අලූත් ආරම්භයක්, පාස්කු ආරම්භයක් ලැබේ