මයිකල් ආන්ජලෝ මෙරිස් ඩා කරවාජියෝ (1571-1610) ඉතාලියානු චිත‍්‍ර ශිල්පියා, තද කෝපයට සහ සම්ප‍්‍රදායානුකූල නොවන ශිල්ප ක‍්‍රම භාවිතා කිරීම නිසා ප‍්‍රසිද්ධය. ඔහු ශුද්ධවන්තයන් ලෙස භාවිතා කළේ සාමාන්‍ය වැඩ කරන ජනයාය. එසේම ප්‍රෙක්ෂකයින්ට එම චිත‍්‍රයේ කොටසක් ලෙස තමන්ව දැකීමට හැකිවිය. “එම්මාවුස්හි රාත‍්‍රී භෝජනය” නම් චිත‍්‍රයෙහි උන්වහන්සේ උත්ථානවූ සමිදානන් ලෙස හඳුනා ගන්නා අවස්ථාවේ එ් අසල තානායම්කරුවෙකු සිටගෙන සිටිනු පෙනේ (ලූක් 24:31). එක් ගෝලයෙකු නැගිටීමට උත්සාහ කරන අතර අනික් කෙනා විස්මයට පත්ව දෑත් දෙපසට දිගුකර සිටිනවා ඔහු පෙන්වයි.

ලූක් තම ශුභාරංචියේ මෙම සිද්ධීන් විස්තර කරයි. “එකෙනෙහිම මෙම අනුගාමිකයන් දෙදෙනා යෙරුසලමට පැමිණෙති. ගෝලයන් එකළොස් දෙනා එකතුවී ‘ස්වාමින්වහන්සේ සැබැවින්ම නැගිටුණුසේක. සීමොන්ට පෙනුණුසේකැ’යි කියමින් සිටිනවා දුටුවෝය. එවිට ඔව්හු මගදී සිද්ධවූ කාරණාද රොටී කැඩීමේදී ඔවුන් උන්වහන්සේ ඇඳිනගත් හැටිද කීවෝය” (33-35 පද).

ඔස්වල්ඞ් චේම්බර්ස් කියන්නේ “අප බලාපොරොත්තු වන තැනට යේසුස්වහන්සේ සාමාන්‍යයෙන් නොපැමිණේ. උන්වහන්සේ අපට පෙනෙන්නේ අප බලාපොරොත්තු නොවන ස්ථාන වලය. බොහෝ විට තර්කානුකූල නොවන සම්බන්ධතා තුලින්ය. සේවකයෙකුට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව සිටිය හැක්කේ ස්වාමින්වහන්සේගේ විස්මජනක පැමිණීම් වලට සූදානම්ව සිටීමෙනි.”

අද අපි මොන මාර්ගයේ සිටියද අලුත් සහ විස්මයජනක මාර්ගවලින් උන්වහන්සේව අපට හඳුන්වා දෙනු ලැබීමට සුදානම්ව සිටිමු