පුරාණ බබිලෝනි සොල්දාදුවන්, මහත්වරුන් යැයි කිසිවෙකු වරදවා වටහාගන්නේ නැත. ඔව්හු අනුකම්පා විරහිතය, යටත් නොවන්නෝය, එසේම නපුරුය. ඔව්හු වෙනත් ජාතීන්ට පහර දුන්නේ රාජාලියෙකු තම ගොදුර ඩැහැගන්නා විලසිනි. ඔව්හු බලවත් වූවා පමණක් නොව අහංකාරද වූහ. ඔව්හු නමස්කාර කළේ තම යුධ ශක්තියටය. බයිබලය පවසන්නේ ඔවුන් “තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොටගත්” බවය (හෙබ්‍රෙව් 1:11).

මිදියන්වරුන් සමඟ සටනට යෑමේදී මෙවැනි ස්වයැපීමක් ඉශ‍්‍රායෙල්වරුන්ට බෝවීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවීය. එහෙයින් උන්වහන්සේ ඉශ‍්‍රායෙල්හි යුද හමුදාපති ගිඩියොන්ට පවසා සිටියේ “නුඹ සමඟ සිටින සෙනඟ වැඩිය. මා විසින් ඔවුන් අතට මිදියන්වරුන් පාවා දුන්හොත් ඉශ‍්‍රායෙල් මට විරුද්ධව අහංකාරවී අපේ අත අප ගැළවුවේ යයි කියනවා ඇත” (විනිශ්චයකාරයා 7:2 ). එහි ප‍්‍රතිඵලයක් ලෙස ගිඩියොන් බිය ඇති සැම කෙනාම යන්නට හැරියේය. මිනිසුන් 22000ක් ගෙදර ගිය අතර 10,000ක් ඉතිරි විය. දෙවියන්වහන්සේ එම හමුදාව 300ට අඩුකළසේක (3-7 පද).

මිනිසුන් අඩුවීම යනු ඉශ‍්‍රායෙල්වරුන්ට වඩා සතුරන්ට බොහෝ සෙනඟක් සිටීම විය. සතුරෝ අසල මිටියාවතක “ගණනින් පළගැටියන් මෙන් පැතිර සිටියෝය” (12 පදය). එසේවෙතත් දෙවියන්වහන්සේ ගිඩියොන්ගේ හමුදාවට ජය දුන්සේක.

සමහර විට දෙවියන්වහන්සේ අපගේ මූලාශ‍්‍ර සිඳීයාමට ඉඩදෙනසේක. එවිට ඉදිරියට යාමට අපි උන්වහන්සේගේ ශක්තිය මත යැපෙන්නෙමු. අපගේ අවශ්‍යතා උන්වහන්සේගේ බලය පෙන්වයි. “මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි, එසේම මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි” කියන තැනන්වහන්සේ උන්වහන්සේය (යෙසායා 41:10).