සුව සංගම්, බර අඩුරකගෙන සුවයෙන් සිටීමට කැමති අයට බොහෝ ව්‍යාපෘති යෝජනා කරති. එක් සුව සංගමයක් සේවය කරන්නේ අඩුතරමින් රාත්තල් 50ක්වත් අඩුකර ගැනීමට කැමති අයට පමණි. එක් සමාජිකාවක් කියා සිටියේ අනිත් අය ඇයගේ ශරීර හැඩය දෙස බලා ඇය විනිශ්චය කරන නිසා ඇය කලින් සහභාගිවූ සංගමයෙන් අස්වුණ බවය. ඇය දැන් ධනාත්මක පරිසරයක සතියකට දින 5ක් ව්‍යායාම කරමින් ඇයගේ බර අඩුකර ගනී.

වසර දෙදහසකට පෙර ආත්මිකව නිරෝගී නොවූ සෙනඟට තමන් අනුගමනය කරන්නැයි කීමට යේසුස්වහන්සේ පැමිණි සේක. ලෙවී එවැනි එක් පුද්ගලයෙකි. සුංගම් පොළේ ඔහු ඉන්නවා යේසුස්වහන්සේ දැක”මා අනුව එන්න” යැයි ඔහුට කීවේය (මාර්ක් 2:14). උන්වහන්සේගේ වචන ලෙවීගේ සිතට කාවැදිණි. ඔහු යේසුස්වහන්සේ අනුගමනය කළේය. බදු අය කරන්නන් කෑදර, වංක, ආගමිකව අපවිත‍්‍ර අය ලෙස සලකන ලදි. ලෙවීගේ නිවසේ අනිකුත් බදු අයකරන්නන් සමඟ යේසුස්වහන්සේ කෑමකමින් සිටින විට “උන්වහන්සේ සුංගම් අයකරන්නන්ද පව් කාරයන්ද සමඟ කන බොනසේකැයි” ආගමික නායකයෝ කීවෝය (2:16). එවිට යේසුස්වහන්සේ පිළිතුරු දුන්නේ”මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමි”කියාය (2:17).

යේසුස්වහන්සේ පව්කරුවන් කැඳවීමට ආසේක. ඊට අපද ඇතුලත්ය. උන්වහන්සේ අපට පේ‍්‍රමකරනසේක. උන්වහන්සේගේ අභිමුඛයට අපට ආරාධනා කරනසේක. උන්වහන්සේ අනුගමනය කිරීමට කැඳවනසේක. අප උන්වහන්සේ සමඟ ගමන් කරන විට අපි වඩ වඩා ආත්මිකව ශක්තිමත් වෙමු