Archives: අප්‍රේල් 2018

හරිව තිබුණුදේ කිරීම

බි‍්‍රතාන්‍ය නිවෙස් හිමියන් බාල ගොඩනැගිලිකරුවන්ට යොදා ඇති නාමය ගොපළු ගොඩනගන්නන්ය. එය යොදා ඇත්තේ නරක අත්දැකීම් නිසා ඇතිවන බිය සහ කෝපය නිසාය. බයිබලයේ කාලයේදීද හොර වඩුවන්, හොර මේසන්වරුන්, සහ ගල් රූප නෙලන්නන් සිටින්නට ඇත. එහෙත් යෙහෝවාෂ් දේව මාලිගාව අලුත් වැඩියා කිරීමේදී වැඩකළ අය සහ අධීක්ෂණය කළ අයගේ අවංකභාවය ගැන පද කිහිපයක් ඇත (2 රාජාවලිය 12:15).

කෙසේ වෙතත් යෙහෝවාෂ් රජු "ස්වාමීන්වහන්සේගේ ඇස්…

ක‍්‍රිස්තුස්වහන්සේගේ සුවඳ

ඔබගේ මතකයන් නැවත ඔබට සිහිකරවන්නේ පංච ඉන්ද්‍රීයයන්ගෙන් කුමන ඉන්ද්‍රියද? මට නම් එ් සුවඳය. හිරු රශ්මි ආලේප වර්ගයක් මට මතක් කරන්නේ ප‍්‍රංශ මුහුදු වෙරළකි. කුකුල් කෑම සුවඳ මට කුඩා කාලයේ ආච්චිලාගේ ගෙවත්ත මතකයට ගෙනෙන්නේය. පයින් ගස් සුවඳ "නත්තල" මතක් කරයි. රැවුල් කැපූ පසු දමන ආලේපයක් මාගේ පුතාගේ යෞවන කාලය මතකයට ගෙන එයි.

පාවුල් කොරින්තිවරුන්ට මතක් කරන්නේ අප ක‍්‍රිස්තුස්වහන්සේගේ සුවඳ බවය. "අපි…

විස්මිත ප්‍රේමයක්

එස්රා සහ නෙහෙමියා පොතෙහි පරණ ගිවිසුමේ අවසන් ඓතිහාසික ප‍්‍රධාන ක‍්‍රියා සඳහන්වී ඇත. එ් දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟට වහල්කමින් පැමිණ යෙරුසලමේ නැවත පදිංචිවීමට ඉඩ දීමය. දාවිත්ගේ නුවර නැවත හෙබ්‍රෙව් පවුල් පදිංචිවූ අතර අලුත් මාලිගයක් සෑදින, පවුර අලුත්වැඩියා කෙරිණ. එය අප මලාකි පොතට සම්බන්ධකරයි. බොහෝ විට නෙහෙමියාගේ සමකාලීනයෙක් විය හැකි මලාකි, පරණ ගිවිසුමේ ලිඛිත කොටස අවසන් කරයි. ඔහු ප‍්‍රථමයෙන් ඉශ‍්‍රායෙල් සෙනඟට කී දෙය බලන්න:…

කුණාටු පෙනිපෙනී

අපගේ පුත් ජොෂ් ඇලස්කාවේ කෝඩියැක් ප‍්‍රදේශයේ සැමන් මසුන් අල්ලන්නෙකි. ටික කලකට පෙර ඔහුගේ බෝට්ටුවට යාර සිය ගණනක් ඉදිරියෙන් පටු පිවිසුමක් තුළින් ගිය කුඩා නැවක ඡායා රූපයක් ඔහු මට එවීය. නැවට ඉහළින් කුණාටු සහිත වලාකුල් ක්ෂිතිජයෙහි එහා මෙහා යයි. එහෙත් දෙවියන්වහන්සේගේ සැපයීමේ සහ පේ‍්‍රමවන්ත සැලකිල්ලේ සංකේතයක් වන දේදුන්නක් පිවිසුමේ එක් කොනක සිට අනිත් කොනට බෝට්ටුව වටකරගෙන ඇත.

එම ඡායාරූපය අපගේ ජීවිත…

තේරුම් ගැනීමට ඉඩදී ඇත

ලන්ඩනයේ ජාතික කලාගාරය, මොස්කව්හි ටෙ‍්‍රට්යාකොව් කලාගාරය වැනි ස්ථාන නැරඹීම මට සතුටු ගෙනදේ. බොහෝ කලාකෘතීන් මා විස්මපත් කරන අතර සමහරක් මා ව්‍යාකූල කරයි. සමහර විට චිත‍්‍ර ශිල්පියා කලාවේ විශිෂ්ටයෙක් වුවද කැන්වසයේ එහේ මෙහේ තැවරුන වර්ණ දෙස බලා මා හට අවබෝධ වන්නේ මට කිසිදෙයක් නොතේරෙන බවය.

දේව වචන ගැනද සමහර විට අපට එසේ සිතියහැකිය. "එ්වා තේරුම් ගත හැකිද?" කියා අපි සමහර විට කල්පනා…

අවුලට වඩා දෙවියන්වහන්සේ විශාලය

2 වන සාමුවෙල් පොතට තේමාව ලෙස "ජීවිතය අවුලකි" කියා යෙදිය හැක. එහි ජනප‍්‍රිය රූපවාහිනී නාට්‍යයකට අවශ්‍ය සියල්ල තිබේ. ඉශ‍්‍රායෙලයේ රජු ලෙස දාවිත් තම පාලනය ස්ථාපිත කිරීමට උත්සාහ කිරීමේදී ඔහුට යුද අභියෝගද දේශපාලනික ගැටළුද පවුලේ අය සහ මිතුරන්ගේ පාවාදීම්ද පැමිණියේය. බෙත්ෂෙබා සමඟ ඔහුගේ සම්බන්ධතාවය දෙස බැලූ විට දාවිත්ද වරදින් තොර නොවීය (11-12 පරිච්ඡේද).

එහෙත් 2 වන සාමුවෙල් අවසානයේ අපි දෙවියන්වහන්සේගේ දයාව, පේ‍්‍රමය…

දුක් විඳින්නන්ට සහනය

ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ට හිරිහැර කිරීම ගැන ඔහුගේ නැන්දා, නපුරු බාප්පාට අභියෝග කිරිම සාහිත්‍යයේ මා කැමතිම දර්ශනයකි. මෙම සිද්ධිය සඳහන් වන්නේ චාර්ල්ස් ඩිකන්ස්ගේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් පොතෙහිය. එහි ප‍්‍රධාන චරිතය ඩේවිඩ්ය.

ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ට තම නැන්දාගේ නිවසට එන විට ඔහුගේ බාප්පාද ඔහු පසුපසින් එයි. බෙට්සි ට්‍රොඩ්වුඩ් නැමති මෙම නැන්දා මර්ඩ්ස්ටෝන් නැමති නපුරු බාප්පා දැකීම නුරුස්සයි. ඔහු කර ඇති වරද වල ලැයිස්තුවක් ඉදිරිපත් කරන ඇය, එ්වායේ වගකීමෙන්…

දෙවියන්වහන්සේගේ පහනොවන වචන

2වන ලෝක යුද්ධය ආරම්භයේ පෝලන්තයේ වෝර්සෝ නගරයේ බොහෝ ගොඩනැගිලි විනාශ විය. කොන්ක‍්‍රීට් කෑලි, පයිප්ප සහ වීදුරු කැබලි විශාල ලෙස නගරය පුරා විසිරී තිබිණි. එහෙත් නගර මධ්‍යයෙහි අඩක් විනාශවූ එක් ගොඩනැගිල්ලක් නොවැටී තිබිණි. එ් බි‍්‍රතාන්‍ය බයිබල් සමාගමය. ඉතිරිව තිබූ බිත්තියක "අහසත් පොළොවත් පහවන්නේය. නුමුත් මාගේ වචනය පහනොවන්නේය" කියා ලියා තිබිණි (මතෙව් 24:35).

"ලෝකාන්තිමය" කවදාදැයි යේසුස්වහන්සේගේ ගෝලයන් ඇසූ විට උන්වහන්සේ ඔවුන් දිරිමත්…

ආත්මයාණන් මුදවනසේක

මෑතක්වන තුරු අයර්ලන්තයේ ගම්වල නිවාසවල අංක නොතිබිණි. එහෙයින් පැට්රික් මර්ෆිිලා තුන් දෙනෙක් ගමේ සිටියේ නම් අලූත්ම පැට්රික් මර්ෆිිට ලිපිය ලැබෙන්නේ බොහෝ කාලයක් ජීවත්ව සිටින පළමු දෙදෙනාට ලිපි ලැබී දින ගණනකට පසුවය. අලූත් පැට්රික් මර්ෆිි මෙසේ කීවේය"මාගේ අසල්වාසීන්ට ප‍්‍රථමයෙන් ලිපිය ලැබේ. ඔව්හු එය හොඳින් කියවා ‘මේක අපට නෙවෙයි’ කියා කියති." මේ තැපැල් ව්‍යාකූලත්වය අවසන් කිරීමට අයර්ලන්ත රජය තැපැල් අංක ක‍්‍රමයක් ආරම්භ කළේය.

සමහර…

යේසුස්වහන්සේ හැඬූසේක

මම පොතක් ඉතා උනන්දුවෙන් කියවමින් සිටියෙමි. මා කුමක් කියවනවාදැයි මිතුරියක් ඉතා ඕනෑකමින් බැලූවාය."අඳුරු මාතෘකාවක්"යැයි ඇය කීවාය. මා කියවමින් සිටියේ "වීදුරු මිනීපෙට්ටිය" නැමති සුරංගනා කතාවය. මිනීපෙට්ටිය යන වචනයෙන් ඇය කලබල වූවාය. අපගෙන් බොහෝ අය මරණය ගැන අසන්න අකමැතිය. එහෙත් යථාර්ථය නම් මිනිසුන් දහසකින් දහසම මිය යෑමය.

සැම විට මරණය ගැඹුරු ප‍්‍රතිචාරයක් ඉස්මතු කරයි. යේසුස්වහන්සේ දැඩි හැඟීම් මතුකළේ උන්වහන්සේගේ ප‍්‍රිය මිතුරෙකුගේ අවමංගල්‍ය අවස්ථාවේය. ඇයගේ…