ගීතාවලිය 100 අපගේ නොපෙනෙන දෙවියන්වහන්සේ සැමරීමට අපට උපකාර වන කළා කෘතියක් වැනිය. අපගේ නමස්කාරයේ අරමුණ දෑසට නොපෙණුනද උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ දැකීමට සලස්වයි. තම පින්සලත් වර්ණ තැටියත් ගෙන මෙම ගීතාවලියේ අනර්ඝ වචන චිත‍්‍රයට නගන චිත‍්‍ර ශිල්පියා සිතෙහි මවා ගන්න. අපගේ ඇස් හමුවට එන්නේ අපගේ පෘථවියයි. “පොළොවේ සියල්ලෙනි ස්වාමින්ට ප‍්‍රීතිනාද පවත්වව්” (1 පදය). ප‍්‍රීතිය – අප මරණින් ගැළවීම දෙවියන්වහන්සේගේ ආශාව නිසාය. “උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප‍්‍රීතිය නිසා… කුරුසිය දරා”ගත්සේක (හෙබ්‍රෙව් 12:2).

අපගේ ඇස් චිත‍්‍ර කැන්වසය පුරා යන විට මුළු ලෝකයේ සංගීත කණ්ඩායමේ මිය නොහැකි සාමාජිකයන් “ප‍්‍රීතියෙන්”සතුටු ගීත ගයනවා අපට පෙනේ (ගීතාවලිය 100:2). උන්වහන්සේ කව්ද යන කාරණය නිසාත් උන්වහන්සේ කළ දේවල් නිසාත් උන්වහන්සේගේ සෙනඟ නමස්කාර කරන විට අපගේ ස්වර්ගීය පියාණන්ගේ හදවත සතුටින් ඉපිළ යන්නේය.

ඉන්පසු මැවුම්කරුවාණන්ගේ ඇඟිලි තුඩින් හැඩගස්වා ඇති අපගේ රුව අපි දකිමු. අපව නිල් තණ බිම් වෙත ගෙන යනසේක (3 පදය). උන්වහන්සේ සෙනඟ වන අපට ප්‍රේමණීය එෙඬ්රෙකු සිටී.

අවසානයේදී දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ තේජවත් නිවහනද උන්වහන්සේගේ අභිමුඛයට උන්වහන්සේගේ මිදුණාවූ සෙනඟ අවතීර්ණ වන දොරවල්ද අපි දකිමු. එ් උන්වහන්සේට ස්තූති ප‍්‍රශංසා දෙමිනි (4 පදය).

කෙතරම් අනර්ඝ චිත‍්‍රයක්ද, එහි දෙවියන්වහන්සේගේ හස්තය තිබේ. උන්වහන්සේ අපගේ යහපත්, ප්‍රේමණීය විශ්වාස වන්ත දෙවියන් වහන්සේය. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය භුක්තිවිඳීමට සදාකාලයක් ගත වීම පුදුුමයක් නොවේ.