මම ඔක්ලොහෝමාහි හැදී වැඩුනෙමි. එහි වසන්ත සෘතුවේ මුල සිට ග‍්‍රීෂ්ම සෘතුව අවසන් වන තෙක් දරුණු කාලගුණයක් පවතී. එක් සන්ධ්‍යාවක අහස කළුකරගෙන පැමිණියා මට මතකය. රූපවාහිනී නිවේදකයා ටොර්නේඩෝ කුණාටුවක් එන බව පැවසීය. විදුලි බලය විසන්ධි විය. මමත් මාගේ දෙමව්පියෝ සහ සොයුරියත් අප නිවස පිටුපසවූ කුණාටු වලට ඔරොත්තු දෙන කාමරයට ඇතුල්වුණෙමු. කුණාටුව අවසන් වනතෙක් එහි සිටියෙමු.

අද “කුණාටු පසුපස යෑම” සමහරුන්ට විනෝදාංශයකි. තවත් අයට ව්‍යාපාරයකි. එහි ඉලක්කය නම් හානියක් නොවී ටෝර්නේඩෝවකට හැකිතරම් සමීප වීමයි. බොහෝ කුණාටු හඹායන්නෝ නිපුණ කාලගුණ අනාවැකි කියන්නෝය. ඔවුන් සතුව නිවැරදි තොරතුරු තිබේ. එහෙත් මම නම් ළඟදී ටෝර්නේඩෝ සංචාරයකට එකතු නොවෙමි.

එහෙත් මගේ ජීවිතයේ සාදාචාරාත්මක සහ ආත්මික ක්ෂේත්‍රයන්හි මෝඩකමින් භයානක දේ පසු පස මා යාමට ඉඩ තිබේ. උන්වහන්සේ තුළ මට ඇති පේ‍්‍රමය නිසා ඒවා මඟහරින්න යැයි දෙවියන්වහන්සේ මට කියන නමුත් එ්වා හානියක් නොකරනු ඇතැයි මම සිතමි. වඩා නුවණැති ක‍්‍රමයක් නම් හිතෝපදේශ පොත කියවීමය. ජීවිතයේ මෙවැනි මර උගුල්වලින් බේරීමට එහි බොහෝ ධනාත්මක ක‍්‍රම ඇත.

“නුඹේ නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ග වලදී උන්වහන්සේ සලකන්න. එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත” (හිතෝපදේශ 3:5-6).

අපගේ ස්වාමින්වහන්සේ අවදානම් ජීවිතයේ ස්වාමියාය. උන්වහන්සේගේ ප‍්‍රඥාව අනුගමනය කිරීමෙන් අපට ජීවිතයේ පූර්ණත්වය ලැබිය හැකිය.