1968 අප්‍රේල් 4වන දින ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් නායක ආචාර්ය මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) මරා දමන ලදි. මිලියන ගණනක් ජනයා කෝපවූහ. ව්‍යාකූල වූහ. ඉන්දියානාපොලිස්හි රොබට් එෆ්. කෙනඩි කථා කරනවා ඇසීමට විශාල අප‍්‍රිකානු ඇමරිකානු ජනකායක් එදින රැස්ව සිටියෝය. බොහෝ අය ඒ වන තුරුත් එම ඛේදනීය පුවත අසා නොතිබුණේය. ඔහු සන්සුන් වන්න යැයි ඔවුන්ට කීවේය. ඔවුන්ගේ දුක ඔහු පිළිගත්තා පමණක් නොව ඔහුගේ සහෝදරයා වන ජෝන් එෆ්. කෙනඩිගේ මිනීමැරුමෙන් ඔහුට ඇතිවූ ශෝකයද ඔහු ප‍්‍රකාශ කළේය.

ඉෂ්ලස් (ක‍්‍රි.පූ. 526-456) විසින් රචිත පැරණි කවියක් ඔහු උපුටා ගත්තේය. “අපගේ නින්දේදී පවා අපට අමතක කළ නොහැකි වේදනා බිංදුවෙන් බිංදුව අප සිත තුළට වැටේ. අපගේ බලාපොරොත්තු සුන්වීම තුළදී අපගේ කැමැත්තට විරුද්ධව දෙවියන්වහන්සේගේ විස්මිත අනුග‍්‍රහය තුළින් අපට ප‍්‍රඥාව පැමිණේ.”

“දෙවියන්වහන්සේගේ විස්මිත අනුග‍්‍රහයෙන් පැමිණෙන ප‍්‍රඥාව” අනර්ඝ ප‍්‍රකාශයකි. ඉන් අර්ථවත් වන්නේ ජීවිතයේ ඉතාම අසීරු අවස්ථා වලදී දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය අපව පුරවා අපට ප‍්‍රඥාවෙන් වර්ධනය වීමට අවස්ථාවක් දෙන බවය.

යාකොබ් ලීවේ “නුමුත් නුඹලාගෙන් යමෙකුට ප‍්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා, එවිට ඔහුට එය දෙනු ලැබේ” කියාය (යාකොබ් 1:5). යාකොබ් කියන්නේ මෙම ප‍්‍රඥාව අසීරුතාවය නැමති පොළොවේ හැදෙන බවය (2-4 පද). එහිදී අපි දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාවෙන් ඉගෙන ගන්නවා පමණක් නොව අප න්වහන්සේගේ අනුග‍්‍රහයේ විශ‍්‍රාම ගන්නෙමු.