1986 විශාල සභාවක සභාපාලකවරයෙකුව සිටියදී ජොන් පයිපර් සියල්ල අත්හැර දැමීමට සිතීය. “මම සෑහෙන්න කලකිරිලා, මට හැම පැත්තෙන්ම විරුද්ධකාරයෝ ඉන්නවා වගේ දැනෙනවා” යනුවෙන් ඔහු දිනපොතේ ලිවීය. එහෙත් පයිපර් අත්හැරියේ නැත. දෙවියන්වහන්සේ වර්ධනය වන්නාවූ සේවයක් සඳහා ඔහු පාවිච්චිකළසේක. එය ඔහුගේ සභාවට වඩා බොහෝ වර්ධනය විය.

“සාර්ථකත්වය” යනු පහසුවෙන් වැරදියට වටහාගන්නා වචනයක් වුවද ජෝන් පයිපර් සාර්ථක යැයි අපට කිවහැකිය. එහෙත් ඔහුගේ සේවය කිසිදා වර්ධනය නොවූවා නම්?

දෙවියන්වහන්සේ යෙරෙමියා අනාගත වක්තෘට සෘජු කැඳවීමක් දුන්සේක. “මම නුඹ ගර්භයෙන් නික්මෙන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි. නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැප කොට…” (යෙරෙමියා 1:5). ඔහුගේ සතුරන්ට බිය නොවන්න යැයි දෙවියන්වහන්සේ ඔහු දිරිමත් කළසේක. “මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමි” (8 පදය ).

ඉපදීමට පෙර කැඳවීමක් ලබා තිබූ මනුෂ්‍යයෙක් වුවද යෙරෙමියා පරස්පර විරෝධී භාෂාවකින් ඔහුට ලැබුණු ආඥාව ගැන විලාප කීවේය. “අහෝ මාගේ මෑණියනි, මුළු දේශය සමඟ තරඟද විවාදද කරන මනුෂ්‍යයෙකු වෙන්ට නුඹ මා බිහිකළ නිසා මට දුක්වේ” (15:10).

දෙවියන්වහන්සේ යෙරෙමියා ආරක්ෂා කළසේක. එහෙත් ඔහුගේ සේවය කිසදා වර්ධනය නොවීය. ඔහුගේ සෙනඟ කිසිදා පසුතැවිලි වුනේ නැත. ඔවුන් මරා දමනවාද, වහල්කමට යනවාද, විසිර යනවාද ඔහු දිටීය. එහෙත් ජීවිත කාලයක කලකිරීම සහ ප‍්‍රතික්ෂේපය වින්දද ඔහු කිසිවිටෙක අත්හැර ගියේ නැත. ඔහු කැඳවා ඇත්තේ විශ්වාසකමට මිස සාර්ථකත්වයට නොවන බව ඔහු දැනසිටියේය. ඔහුට කැඳවීම දුන් දෙවියන්වහන්සේ ඔහු විශ්වාස කළේය. යෙරෙමියාගේ අත් නොහරින අනුකම්පාව අපට පියාණන්වහන්සේගේ හදවත පෙන්වන්නේය. සියලු දෙනා උන්වහන්සේ වෙත හැරෙනවාට උන්වහන්සේ කැමැත්තෙන් සිටිනසේක.