මගේ ස්වාමිපුරුෂයා වයස 18දී මෝටර්රථ පිරිසිඳු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔහු ගරාජයක්ද උදව් කාරයන්ද කුළියට ගෙන ප‍්‍රචාරක පුවරු සෑදීය. ව්‍යාපාරය දියුණු විය. ඔහුගේ අදහසවූයේ එය විකුණා ඔහුගේ ඉගෙනීමේ කටයුතු වලට මුදල් යෙදීමටය. මිළට ගන්න කෙනෙකු පැමිණි විට ඔහු උද්දාමයට පත්විය. සාකච්ඡුාවලින් පසු ගනුදෙනුව සිද්ධවන බවක් පෙනිණි. එහෙත් අවසාන මොහොතේ එය බිඳවැටිනි. ඔහුගේ අදහස හරිගියේ තව මාස කිහිපයකට
පසුවය.

අපගේ බලාපොරොත්තු සමඟ දෙවියන්වහන්සේගේ කාලය සහ සැලසුම් එකට නොයනවිට කලකිරීමට පත්වීම සාමාන්‍ය දෙයකි. දාවිත්ට ස්වාමින්වහන්සේගේ
මාළිගය ගොඩනැගීමට අවශ්‍යවූ විට ඔහුට තිබෙුණේ හරි අරමුණු, නායකත්ව හැකියාව සහ අනික් මූලාශ‍්‍රයන්ය. එහෙත් දෙවියන්වහන්සේ ඔහුට කීවේ දාවිත් යුද්ධවලදී බොහෝ මිනීමරා තිබූ බැවින් ඔහු එම කාර්යයට සුදුුසු නොවන බවය (1 ලේකම් 22:8).

අහස දෙසට තම හස්තය දිගුකර කෝපයෙන් පිපිරෙන්නට දාවිත්ට හැකියාව තිබිණි. නැතිනම් තම සැලැස්ම කෙසේ හෝ ඉදිරියට ගෙනයාමට ඔහුට හැකියාව තිබිණි. එහෙත් ඔහු යටහත්ව පැවසුවේ “දෙවිවූ ස්වාමින්වහන්ස, ඔබ විසින් මෙපමණ රට ගෙන ඊමට මම කවුද?” කියාය (17:16). දාවිත් දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කර තම භක්තිය සහතික කළේය. ඔහුගේ ඉලක්කයට වඩා දෙවියන්වහන්සේ සමඟ තබා තිබූ සම්බන්ධතාවය ඔහු අගය කළේය.

වඩා වැදගත් කුමක්ද? අපගේ බලාපොරොත්තු සහ සිහින ඉටුකර ගැනීමද නැතිනම් අප උන්වහන්සේ කෙරෙහි තබා ඇති පේ‍්‍රමයද?