කුරුල්ලන් සෙල්ලම් කරනවා බැලීමට මම කැමැත්තෙමි. එහෙයින් අපගේ නිවස පිටුපස වත්තට උන් ගෙන්වා ගැනීමට ස්ථානයක් පිළියෙළ කළෙමි. මාස කිහිපයක් මාගේ කුරුළු මිතුරන් එහා මෙහා යනවාත් කෑම කනවාත් බලා සතුටු වීමි. එහෙත් ඉන්පසු උකුස්සෙක් එ් රක්ෂිත ස්ථානය පුද්ගලික දඩයම් ස්ථානයක් කර ගත්තේය. ජීවිතය එවැනිය. අප පහසු ගන්නට සැරසෙන විට අපගේ කූඩු ඇවිස්සීමට කවුරුන් හෝ නැතිනම් කුමක් හෝ පැමිණේ. ජීවිතය කඳු ජලාශයක් වන්නේ ඇයි දැයි අපි අසන්නෙමු.

මම එ් පැරණි ප‍්‍රශ්නයට බොහෝ පිළිතුරු අසා ඇත්තෙමි. එහෙත් ඉන් එකකින් දැන් මම සතුටු වෙමි. “ලෝකයේ ඇති සියලු විනය අපට (දරුවන්ට) දෙවියන්වහන්සේ එළිදරව් වන පිණිසය” (ජෝර්ජ් මැක්ඩොනල්ඩ්: ජීවිතයේ අත්‍යවශ්‍යතා) අප දරුවන් මෙන්වූ විට අපි විශ්වාස කිරීමටද ස්වර්ගීය පියාණන්ගේ පේ‍්‍රමය මත සම්පූර්ණයෙන් යැපීමටද ආරම්භ කරමු. උන්වහන්සේ දැනගැනීමටද උන්වහන්සේ මෙන් වීමටද සොයන්නෙමු.

දුක් සහ කරදර අපගේ ජීවිතය පුරා අප පසුපස ආ හැකිය. එහෙත් “එහෙයින් අපි ක්ලාන්ත නොවෙමුව… මොහොතකට පවතින අපගේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලාසිටින්නාවූ අපට ඉතාමත් වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේය. මක්නිසද පෙනෙන දේ කාලිකය· නොපෙනෙන දේ සදාකාලිකය” (2 කොරින්ති 4:16-18).

එවැනි දැක්මක් ඇතිව අවසානයේ අපට ප‍්‍රීතිවීමට නොහැකිද?