හෙන්රි සතියකට පැය 70ක් වැඩ කළේය. ඔහු තම රැකියාවට ආදරය කළේය. ඔහුට හොඳ වැටුපක් ලැබිණි. ඔහුගේ පවුලට යහපත් දේ ඔහු ගෙනාවේය. වැඩ අඩු කිරිමට ඔහු සැමදා සැලසුම් කළේය. එහෙත් එය සිදු වුණේ නැත. එක් දිනක් ඔහු හොඳ ආරංචියක් ඇතුව ගෙදර ආවේය. සමාගමේ ඉහළම තනතුර ඔහුට ලැබී තිබිණි. එහෙත් කිසිවෙකු නිවසේ සිටියේ නැත. වසර ගණනාවක් තිස්සේ ඔහුගේ දරුවන් හැදී වැඩී වෙනත් ස්ථාන වල පදිංචියට ගොස් තිබිණි. ඔහුගේ භාර්යාවද රැකියාවක් සොයාගෙන තිබිණි. දැන් නිවස හිස්ය. ඔහුගේ හොඳ ආරංචිය කීමට කිසිවෙක් නැත.

අපගේ වැඩ සම්බන්ධයෙන් ජීවිතය සමතුලිත කර ගැනීමේ අවශ්‍යතාවය ගැන සාලමොන් කථා කළේය. ඔහු ලිවේ “අඥානයා තමාගේම අත් පොරවාගෙන තමාගේම මාංසය කන්නේය” කියාය (දේශනාකාරයා 4:5). අලසකමේ එවැනි අන්තයකට යාමට අපට අවශ්‍ය නැත. එසේම වැඩට ඇබ්බැහි වීමටද අපට අවශ්‍ය නැත. “වෙහෙසීමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දෑත පුරවා” ගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගෙන හිඳීම හොඳය” (6 පදය). වෙනත් වචනයකින් කියන්නේ නම් අඩුවෙන් තිබී එය වැඩියෙන් භුක්ති විඳීම හොඳය. සාර්ථකත්වය නැමති අල්තාරය මත සම්බන්ධතා පූජා කිරිම මෝඩකමකි. ජයග‍්‍රහණ නැතිවී යයි. එහෙත් අපගේ ජීවිත අර්ථවත් කරන්නේ ඵලදායී කරන්නේ සහ ප‍්‍රීතිමත් කරන්නේ සම්බන්ධතාය (7-12 පද).

අපගේ කාලය නැණවත්ව බෙදාගැනීමෙන් ජීවත් වන්නේ වැඩ කිරීමට නොව වැඩ කරන්නේ ජීවත් වන්නටය යන්න ඉගෙනීමට අපට හැකිය. අපගේ සපයන්නා ලෙස දෙවියන්වහන්සේ තෝරාගන්නා විට එම ප‍්‍රඥාව අපට දීමට උන්වහන්සේට පුළුවන.