වීනස් මැසි උගුලට දින 10කින් පමණ මැස්සෙකු ජිර්ණය කර ගැනීමට හැකිය. ක‍්‍රියාවලිය ආරම්භ කරන්නේ අහිංසක කෘමියෙකු පැණි සුවඳට ශාකයේ කොළ වල වසන විටය. ශාක කොළ ක්ෂණිකව උගුලක් මෙන් වැසේ. කෘමියා ශාකයේ පහළට යයි. තත්පර ගණනකින් ඌ හසුවේ. ඉන්පසු ජිර්ණය කරන යුෂ කෘමියා දිය කරයි.

මේ මාංශ භදික ශාකය මට මතක් කරන්නේ අප පාපයට ඇදී ගිය විට පාපය අපට කරනදේය. පාපය අප කා දමන්නේය. උත්පත්ති 4:7 කියන්නේ “ඔබ හරිදේ නොකරයි නම් පාපය නුඹේ දොර ලැග සිටී. එකේ ආශාව නුඹ කෙරෙහි  වන්නේය” යනුවෙනි. ආබේල් මැරීමට විනාඩි කිහිපයකට පෙර දෙවියන්වහන්සේ එම වචන කායින්ට කීසේක.

අලුත් අත්දැකීමක් තුළින් පාපය අපව පරික්ෂා කළ හැකිය. නිවැරදිව ජීවත් වීම අවශ්‍ය නැතැයි එය අපට හැඟවිය හැකිය. නැතිනම් එය අපගේ ශාරීරික ආශා ආකර්ෂණය කරන්නේය. කෙසේ වෙතත් පාපයට අපගේ ජීවිත විනාශ කිරීමට ඉඩ නොදී එය පාලනය කිරීමට මාර්ගයක් ඇත. බයිබලය පවසන්නේ “ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න. එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැත” (ගලාති 5:16). අප පරික්ෂාවට මුහුණ දෙන විට අප එයට තනිව මුහුණ දෙන්නේ නැත. අපට අධිස්වාභාවික උපකාර ලැබේ. දෙවියන්වහන්සේගේ ආත්මය මත යැපීමෙන් උන්වහන්සේ සහ අන් අය වෙනුවෙන් ජීවත් වීමට අපට බලය ලැබේ.