චිකාගෝ දුම්රියට ගොඩවූ විට මම ලියවී නැති “හැසිරීමේ නීති රීති අනුගමනය කරමි.” අවට සිටින නාඳුනන පුද්ගලයන් සමඟ කථා නොකරන්න. ජීවිතයට නාඳුනන පුද්ගලයෙකු දැක නැති මා වැනි අයෙකුට එය ඉතා අසීරුය. අලූත් අයට කථා කිරීමට මම ඉතා ප‍්‍රිය කරමි මා නිශ්ශබ්දව සිටියද ඔවුන් කියවන පත්තර පිටුවෙන් සෙනඟ කව්දැයි හඳුනාගැනීමට පුළුවන් බව මම දනිමි. ඔවුන් පළමුවෙන් හරවන පිටුව දෙස මම හොඳින් බලමි. ව්‍යාපාරද? දේශපාලනයද? වර්තමාන
කාරණාද? ඔවුන්ගේ තේරීම ඔවුන්ගේ උනන්දුව කියාපායි.

අපගේ තෝරාගැනීම් සැම විට අපව එළිදරව් කරයි. සැබැවින්ම සිතෙහි ඇතිදේ සෙවීමට අපගේ තේරීම් දෙස බැලීමට දෙවියන්වහන්සේට අවශ්‍ය නැත. එහෙත් අපගේ කාලය සහ අවධානය ගන්නාවූ දේවල් අප ගැන සියල්ල ප‍්‍රකාශකරයි. යේසුස්වහන්සේ කීවේ “නුඹලාගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද නුඹලාගේ සිතත් එහිම තිබෙන්නේය”(ලූක් 12:34). උන්වහන්සේ අප ගැන සිතනවාට අප කැමතිදේ කුමක්වුවද අපගේ කාලය, මුදල් සහ තලෙන්ත අප පාවිච්චි කරන ආකාරයෙන් අපගේ සිතෙහි සත්‍ය ස්වභාවය හෙළිදරව් වේ. උන්වහන්සේ සලකන දේවල් වලට අපගේ මූලාශ‍්‍ර අප යොදවන්නේ නම් අපගේ සිත් උන්වහන්සේගේ සිත සමඟ එකඟ බව පෙන්නුම් කෙරේ.

දෙවියන්වහන්සේගේ සිත සෙනඟගේ අවශ්‍යතා ගැන සහ උන්වහන්සේගේ රාජ්‍යයේ වර්ධනය ගැනය. ඔබගේ සිත ඇති ස්ථානය ගැන ඔබගේ තේරීම් උන්වහන්සේට සහ අන් අයට කුමක් කියයිද?