වෛද්‍යාචාණි වර්ජීනියා කොනලි වයස 27දී විරෝධතා සහ විවේචන නොතකා ටෙක්සාස් ඇබිලීන්හි පළමු කාන්තා වෛද්‍යවරිය බවට පත්වූවාය. 2012දී ඇයගේ 100 වැනි උපන් දිනයට මාස ගණනකට පෙර ටෙක්සාස් වෛද්‍ය සභාව විශිෂ්ඨතා සේවා සම්මානය ඇයට පිරිනැමීය. එය එහි වෛද්‍යවරයෙකුට දිය හැකි උසස්ම සම්මානයයි. එම විශේෂිත සිද්ධි දෙක අතර වෛද්‍ය කොනලි ඇයගේ වෛද්‍ය දූත සේවය තුළින් ලොව වටා ශුභාරංචිය ප‍්‍රකාශ කිරීමේ තම ආශාව ක‍්‍රියාත්මක කළාය. එය දෙවියන්වහන්සේටද අන් අයටද දුන් ජීවිත මෙහෙයක් විය. ඒ දවසේ කරදර දවසට සෑහේ යන ප‍්‍රතිපත්තිය මතය.

දොස්තර කොනලිගේ සභාපාලකවූ ෆිල් ක‍්‍රිස්ටෝපර් කීවේ “ඇයට සැම දිනක්ම තෑග්ගක් විය” කියාය. ඇය ලියූ ලිපියක් ඔහු මතක් කළේය. “සැම සංචාරයක්ම, දිනක්ම, උත්සාහයක්ම මේ මාගේ අවසන් ගමන විය හැක. දෙවියන්වහන්සේ දන්නා සේක. මේ ඇති” කියා ඇය කියා තිබිණි.

ගීතිකාකරු ලීවේ “ස්වාමින් විසින් සෑදූ දවස මේය එහිදී අපි ප‍්‍රීති වෙමුව. සන්තෝෂ වෙමුව” කියාය (ගීතාවලිය 118:24). බොහෝ විට අප ඊයේ කලකිරීම් ගැනද හෙට ඇති අවිනිශ්චිතතා ගැනද අවධානය දෙමු. දෙවියන්වහන්සේගේ අනගි තෑග්ග අමතක කරමු. එ් තෑග්ග අදය!

දොස්තර කොනලි ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ තම ගමන ගැන කීවේ “ඔබ ඇදහිල්ලේ ජීවිතයක් ගත කරන්නේ නම් ඔබ ප‍්‍රතිඵල නොසොයයි. දෙවියන්වහන්සේ මාගේ සිතෙහි තැබූ දේවල් මම කරන්නෙමි” කියාය.

දෙවියන්වහන්සේ අද දින සෑදූ සේක. එය සමරමු. සැම මොහොතක්ම උන්වහන්සේ වෙනුවෙන් අන් අයට සේවය කිරීමට යොදාගනිමු.