නිර්මාණශීලී පත‍්‍රකලාවේදියෙකුවූ ඩබ්ලිව්. ටී ස්ටෙඞ් 20වන සියවසේ මුල් භාගයේදී විවාදාත්මක සමාජ විමර්ශන ලිවීම ගැන ප‍්‍රසිද්ධ විය. ඔහු ලියූ රචනා දෙකක සඳහන් වූයේ නැව් වල ඇති ජීවිතාරක්ෂක බෝට්ටුවල ඇති අඩුපාඩු ගැනය. අවාසනාවකට උතුරු අත්ලාන්තික් සාගරයේ අයිස් කන්දක හැපුණු ටයිටැනික් නැවේ ඔහුද සිටියේය. එ් 1912 අපේ‍්‍රල් 15 වැනිදාය. එක් වාර්තාවකට අනුව ඔහු ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩවීමට ස්ත‍්‍රීන්ට සහ දරුවන්ට උපකාර කළේය. එසේම ඔහුගේ ආරක්ෂිත කබායද බෝට්ටුවේ ස්ථානයද ඔහු අන් අය වෙනුවෙන් ප‍්‍රදානය කරමින් ජීවිතයද පූජා කළේය.

ජීවිත පූජාව තුළ අප දැඩිව සසල කරන යමක් තිබේ. එ් සම්බන්ධයෙන් ක‍්‍රිස්තුස්වහන්සේට වඩා උසස් උදාහරණයක් අපට සොයාගත නොහැක. හෙබ්‍රෙව් කර්තෘ පවසන්නේ”එහෙත් මුන්වහන්සේ සැම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පු කොට දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක… මක්නිසාද උන්වහන්සේ පිරිසිදු කරනු ලබන්නන් එක පූජාවකින් සැම කලටම සම්පූර්ණ කළසේක” (හෙබ්‍රෙව් 10:12-14). ගලාතියට ලියූ ලිපියෙහි පාවුල් ක‍්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රේෂ්ඨ පූජාව විස්තර කරමින් ලිපිය ආරම්භ කරයි. “යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ… දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගලවන පිණිස… අපේ පව් නිසා තමන්ම පාවා දුන්සේක” (ගලාති 1:3-4).

යේසුස්වහන්සේ අප වෙනුවෙන් තමන්ම පාවා දීම උන්වහන්සේ අපට දක්වන ප්‍රේමයේ මිම්ම වේ. එම කැමැත්තෙන් කළ පූජාව අද දක්වා ස්ත‍්‍රීන් සහ පුරුෂයින් ගලවමින් උන්වහන්සේ සමඟ ගත කරන සාදාකාලය ගැන සහතිකයක් දෙයි