මිතුරියකගේ දරුවෙකු වෙව්ලීමට පටන්ගත්තේය. ඔව්හු දරුවා ගිලන් රථයකින් ඉක්මන් රෝහලට ගෙන ගියෝය. තම දියණිය ගැන යාච්ඤා කරද්දී ඇයගේ හදවත ගැහෙමින් තිබිණි. දරුවාගේ ඇඟිලි අල්ලාගන සිටින විට දරුවාට ඇති දැඩි ප්‍රේමය අලුත්වී ඉස්මතුවිය. එසේම ස්වාමින්වහන්සේ අපට කෙතරම් පේ‍්‍රමකරන්නේද? අප උන්වහන්සේගේ “ඇසේ කළු ඉංගිරියාවය” යන්න ඇයගේ මතකයට නැගිණ.

බබිලෝනියේ වහල්කමේ සිට නැවත යෙරුසලමට පැමිණි සෙනඟට කළ කථාවේදී අනාගතවක්තෘ සෙකරියා මෙම වැකිය පාවිච්චිකළේය. ඔහු ඔවුන්ට පසුතැවිලි වන්නටද මාළිගාව නැවත ගොඩනගන්ටද සත්‍ය දෙවියන්වහන්සේ කෙරෙහි ඇති පේ‍්‍රමයේ සිත් අලුත් කරන්ටද කියයි. ඊට හේතුව ස්වාමින්වහන්සේ තම සෙනඟට විශාල ලෙස පේ‍්‍රමකරනසේක. ඔවුන් උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවය.

හෙබ්‍රෙව් භාෂා විද්වතුන් පවසන්නේ සෙකරියා 2හි එන මෙම වැකිය ප‍්‍රකාශ කරන්නේ අප තව කෙනෙකුගේ ඇසක් දෙස බලන විට ඉන් පරාවර්තනය වන අපගේ ඇසෙහි දර්ශනය බවය. ඇස් වටින්නේය. එසේම එ්වා ඉක්මනින් හානි වීමටද ඉඩ ඇත. එ්වාට ආරක්ෂාව අවශ්‍ය වේ. ස්වාමින්වහන්සේ තම සෙනඟට ආරක්ෂාව දීමට කැමති එලෙසය. ඒ උන්වහන්සේගේ හදවත අසලින් අප තබා ගැනීමෙන්ය.

තම රෝගී දරුවාට කළ හැකි සියල්ල කරන මවකටත් වඩා අප මධ්‍යයේ ජීවත් වන ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ පේ‍්‍රමය අප මත වගුරුවනසේක. අප උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවය. උන්වහන්සේගේ ආදරණීයයන්ය