කටුස්සා ගැන බොහෝ විට අප සිතන්නේ උගේ පාට මාරුකිරීමේ හැකියාව ගැනය. එහෙත් කටුස්සාට තවත් මනහර ගුණාංගයක් තිබේ. අඩිපාරක් දිගේ යන කටුස්සා දෙස බලා මා සිත්නේ ඌ උගේ ගමනාන්තයට යන්නේ කවදාද කියාය. කටුස්සා අලසකමින් එක් පාදයක් දිගුකරයි. ඌ සිත වෙනස් කරන්නාක් මෙන් පෙනේ. නැවත ඌ උත්සාහ කරයි. ඉන්පසු අලස පාදයක් නැවත ඉදිරියට තබයි. ඒ පොළොව පෙරළේ යැයි බියකින් මෙනි. දිනක් කෙනෙකු “අද මම සභාවට යන්නම්… නැහැ ඊළඟ සතියේ යන්නම්! නැහැ ටිකක් කල් නිකම් ඉන්නම්! කියන කටුස්සෙක් වගේ සභා සාමාජිකයෙක් වෙන්න එපා” කියා කියූ විට මට සිනහ ගියේ එහෙයිනි.

යෙරුසලමේ “ස්වාමින්ගේ ගෘහය” දාවිත් රජුගේ නමස්කාර ස්ථානය විය. ඔහු නමස්කාරයේදී කටුස්සෙක් නම් නොවීය. “ස්වාමින්ගේ ගෘහයට යමු” (ගීතාවලිය 122:2) යැයි කී අය සමඟ ඔහු ප‍්‍රීති විය. මුල් සභාවේ ඇදහිලිවන්තයින් ගැනද එය එසේවිය.

“ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටී කැඞීමෙහිද යාච්ඤාවලද ස්ථිරව පැවතුණහ… තවද ඔව්හු දවසින් දවස නොකඩවම එක් සිත්ව දේවමාළිගාවේ සිටිමින්…” (ක‍්‍රියා 2:42,46).

නමස්කාරයෙන් සහ සහභාගිත්වයෙන් ලියවිලි ඉගෙන ගනිමින් අන් අය සමඟ එකතු වීම කෙතරම් ප‍්‍රිතියක්ද! එසේම එකිනෙකාට සැලකීම අපගේ ආත්මික වර්ධනයටද ඇදහිලිවන්තයින්ගේ එක්සත්කමටද අවශ්‍යය