1980 බොස්ටන් මැරතන් තරඟ පැවැත්වෙන විට ස්ත‍්‍රියක් උමං දුම්රියට දුවවිත් ගොඩවූවාය. එම ක‍්‍රියාවේ විශේෂත්වයක් නැත. එහෙත් ඇය තරඟයේ දිවිය යුතු විය. තරඟය බලා සිටි අය දුටුවේ ඇය තරඟය අවසන් කිරීමට සැතැපුමක් පමණ තිබියදී ඊට අවතීර්ණ වූ බවය. අනිත් සියලු ස්ත‍්‍රීන් ඉදිරියෙන් ඇය තරඟය අවසන් කළාය. ඇය වෙහෙසව සිටියේවත් දහඩියෙන් නැහැවී සිටියේවත් නැත. ටික වේලාවකට ඇය ජයග‍්‍රාහිකාව ලෙස පෙනිණි.

බොහෝ කලකට පෙර යුද්ධයක් පරාජය වෙමින් සිටි සෙනඟක් ජයග‍්‍රහණය කිරීමට වඩාත් ගෞරවාන්විත උපක‍්‍රමයක් සොයාගත්තෝය. පණිවුඩකරුවෝ යෙහෝෂාපාට්හට “මහත් සමූහයක් ඔබට විරුද්ධව එන්නාහ” යයි කීවිට ඔහු වෙව්ලීමට පටන් ගත්තේය (2 ලේකම් 20:2-3). එහෙත් සාමාන්‍ය යුධ උපක‍්‍රමවලට හැරෙනවා වෙනුවට යොහෝෂාපාට්  දෙවියන්වහන්සේ වෙත හැරුනේය. ඔහු දවියන්වහන්සේගේ ආධිපත්‍යයද ඔහුගේ බිය සහ ව්‍යාකූලභාවයද පිළිගත්තේය. “අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසට යොමුකර තිබේ” (12 පදය). රජු ඊළඟට හමුදාවේ ඉදිරියෙන් යාමට ගායකයන් තෝරාගත්තේය. යුද මොරගැසීම් වෙනුවට ඔව්හු දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ගැන ගායනා කළෝය (21 පදය). ප‍්‍රතිඵලය විස්මයජනක විය. සතුරෝ එකිනෙකාට විරුද්ධව යුද කිරීමට පටන් ගත්තෝය (22-24 පද). අවසානයේදී “යෙහෝෂාපාට්ගේ රාජ්‍යය නිශ්චලව තිබුණේය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේ හාත්පසින්ම ඔහුට සමාදානය දුන්සේක” (30 පදය).

දැරිය නොහැකි අභියෝගවලින් අප වටකිරීමට ජීවිතයට පුළුවන. එහෙත් අපගේ බිය සහ අවිනිශ්චිතතා සියලු බලැති දෙවියන්වහන්සේ වෙත හැරීමට අපට අවස්ථාව දෙයි. දෙවියන්වහන්සේ අසාමාන්‍ය දේවල් ගැන නිපුණවේ.