නෙසාහුඅල්කොයොට්ල්ගේ (1402-1472) නම උච්චාරණය කිරීම අපහසු විය හැක. එහෙත් ඔහුගේ නම අර්ථයක් දෙන්නේය. එහි අර්ථය “බඩගිනි හිවලාය” මේ මිනිසාගේ ලියවිලි ආත්මික පිපාසයක් පෙන්නුම්කරයි. යුරෝපීයයන් පැමිණීමට පෙර මැක්සිකෝවේ කවියෙකු සහ පාලකයෙකු ලෙස ඔහු මෙසේ ලියා තිබේ: “මා නමස්කාර කරන දෙවියන් ගස් සහ ගල්ය, ඒවා කථාකරන්නේ නැත, ඒවාට හැඟීමක් නැත. සැඟවුණ සහ නොදන්නා ඉතා බලවත් දෙවිකෙනෙකු සිටී. මුළු විශ්වයේ මැවුම්කරුවාණන් උන්වහන්සේය. මාගේ දුකේදී මට සහනයක් දිය හැකි එකම තැනැත්තා උන්වහන්සේය. මාගේ උපකාරකරුවාණන් සහ ආරක්ෂකයා ණන් ලෙස උන්වහන්සේ මට අවශ්‍ය බව මාගේ සිත කියයි.”

නෙසාහුඅල්කොයොට්ල්හට ජීවිතය දෙන්නාවූ තැනන්වහන්සේ හමුවූවාද නැද්ද කියා අපට කිව නොහැක. එහෙත් ඔහුගේ රාජ්‍ය සමයේදී “අලංකාර දේවල් චිත‍්‍රයට නගන දෙවියන්වහන්සේට” ඔහු පිරමීඩයක් නිර්මාණය කර තම නුවර තුළ මනුෂ්‍ය බිලිපූජාවන් තහනම් කළේය.

42වැනි ගීතාවලියේ කර්තෘ “මාගේ ආත්මය (ජීවමාන දෙවියන්) කෙරෙහි  ආශාවන්නේය” කියා හඬනගයි (2 පදය). “මුවා දියදොළවලට ඉතා ආශාවන්නාක් මෙන්” සැම මනුෂ්‍යයෙකුම සැබෑ දෙවියන්වහන්සේට ආශාකරයි (1 පදය).

අද ප‍්‍රසිද්ධියේ, වස්තුවේ සහ සම්බන්ධතා වල රූපවලට තම සිත් පිරවිය නොහැකි බව දන්නා බොහෝ පිපාසිත හිවල්ලූ සිටිති. අපට සෑහීම සහ අර්ථය දෙන එකම තැනන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ තුළින් තමන්වහන්සේව එළිදරව් කර තිබේ. අලංකාර දේවල් අඳින්නාවූ දෙවියන්හන්සේ ගැන පිපාසයක් ඇත්තන්ට එය යහපත් ආරංචියකි