අපට දෙවියන්වහන්සේගේ මඟපෙන්වීමක් අත්‍යවශ්‍ය විය. කුඩා දරුවන් දෙදෙනෙකු මාස තුනක් බලාගැනීමට අපට පැවරිනි. ඔවුන්ගේ අනාගතය ගැන තීරණයක් ගැනීම ඉතා අවශ්‍ය විය. අපටද ඊට වඩා වයසින් වැඩි දරුවන් තිදෙනෙකු විය. පෙර පාසැල් දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීම අපගේ පවුල් සැලැස්මට හරියන බවක් නොපෙනිණි. අපගේ පවුලද වැඩද දෙගුණ වේ. ඇමී කාර්මයිකල් විසින් ලියන ලද අපගේ දෛනික නමස්කාර පොත අපව ගණන් කථාව 7වන පරිච්ඡේදයට යොමු කළේය.

“එය ඇසූ කොහාත්වරුන්ට කෙසේ හැඟුනාදැයි මම කල්පනා කරමි. අනික් සියලු පූජකයන්ට කාන්තාරය මැදින් කූඩාරමේ භාණ්ඩ ගෙනයෑම සඳහා ගව කරත්ත තිබිණි. එහෙත් කොහාත්වරුන් ගල්පර ඇති, ගිනියම්වූ වැලි පාරවල ඔවුන්ට භාරව තිබූ ශුද්ධ භාණ්ඩ කරෙන් ගෙනයා යුතු විය. අනිත් පූජකයන්ට පහසු කාර්යයක් තිබුණා කියා කොහාත්වරු අභ්‍යන්තරයෙන් කෙඳිරුවෝද? සමහර විට ගව කරත්ත වල ගෙන යාමට සමහර දේවල් ශුද්ධ වැඩි බව දෙවියන්වහන්සේ දන්නාසේක. එවිට උන්වහන්සේ එ්වා කරෙන් ගෙනයාමට අපට භාරදෙනසේක” ඇමී ලීවාය.

මෙය අපට ලැබුණු පිළිතුරක් බව මමත් මාගේ ස්වාමිපුරුෂයාත් දැනගතිමු. දියුණු නොවූ රටක දරුවෙකුට අනුග‍්‍රහය දැක්වීමට අපි බලාපොරොත්තුවෙන් සිටියෙමු. එහෙත් එය කිරීමට නොහැකි විය. එය ගව කරත්තය වැනි පහසු කාර්යයක්ය. එහෙත් දැන් දෙවියන්වහන්සේට ඉතා වටිනා දරුවන් දෙදෙනෙක් අපගේ කර මතින් ගෙනයාමට අපගේ නිවසේම පදිංචිව සිටිති. විවිධ සැලසුම් අප එකිනෙකාට දෙවියන්වහන්සේ තබනසේක. අන් අයට කැපී පෙනෙන පහසු සේවාවන් ඇතැයි අපට සිතනවා විය හැකිය. එහෙත් දෙවියන්වහන්සේ අපව විශේෂයෙන් තෝරා ඇත්නම් කෙඳිරීමට අප කවුද? මෙය මට කළ නොහැකියයි කිව හැකිද?