මෑතක්වන තුරු අයර්ලන්තයේ ගම්වල නිවාසවල අංක නොතිබිණි. එහෙයින් පැට්රික් මර්ෆිිලා තුන් දෙනෙක් ගමේ සිටියේ නම් අලූත්ම පැට්රික් මර්ෆිිට ලිපිය ලැබෙන්නේ බොහෝ කාලයක් ජීවත්ව සිටින පළමු දෙදෙනාට ලිපි ලැබී දින ගණනකට පසුවය. අලූත් පැට්රික් මර්ෆිි මෙසේ කීවේය”මාගේ අසල්වාසීන්ට ප‍්‍රථමයෙන් ලිපිය ලැබේ. ඔව්හු එය හොඳින් කියවා ‘මේක අපට නෙවෙයි’ කියා කියති.” මේ තැපැල් ව්‍යාකූලත්වය අවසන් කිරීමට අයර්ලන්ත රජය තැපැල් අංක ක‍්‍රමයක් ආරම්භ කළේය.

සමහර විට යාච්ඤා කරන විට අපගේ සිතෙහි ඇති දේ දෙවියන්වහන්සේට කීමට අපට උපකාර අවශ්‍ය බව අපට හැෙඟ්. සමහර විට කිවයුතු නියමිත වචන හෝ ගැඹුරු හැඟීම් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි අප නොදැන සිටිය හැකිය. රෝම
8හි පාවුල් අපොස්තළුවරයා පවසන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ ”කිය නොහැකි කෙඳිරිගෑම් වලින්”අප කිවයුතුදේ දෙවියන්වහන්සේට ඉදිරිපත් කරන බවය. “යුතු ලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව. එහෙත් ආත්මයාණන්වහන්සේ කිය නොහැකි කෙඳිරිගෑම් වලින් අප උදෙසා මැදහත්කම් කරනසේක” (26 පදය ). ආත්මයාණන් සැම විට දෙවියන්වහන්සේගේ කැමැත්තට යාච්ඤා කරනසේක. පියාණන් ආත්මයේ සිත දන්නාසේක.

අප යාච්ඤා කරන විට දෙවියන්වහන්සේ අසනසේක. අපගේ ගැඹුරු අවශ්‍යතා උන්වහන්සේ දන්නාසේක