ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ට හිරිහැර කිරීම ගැන ඔහුගේ නැන්දා, නපුරු බාප්පාට අභියෝග කිරිම සාහිත්‍යයේ මා කැමතිම දර්ශනයකි. මෙම සිද්ධිය සඳහන් වන්නේ චාර්ල්ස් ඩිකන්ස්ගේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් පොතෙහිය. එහි ප‍්‍රධාන චරිතය ඩේවිඩ්ය.

ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ට තම නැන්දාගේ නිවසට එන විට ඔහුගේ බාප්පාද ඔහු පසුපසින් එයි. බෙට්සි ට්‍රොඩ්වුඩ් නැමති මෙම නැන්දා මර්ඩ්ස්ටෝන් නැමති නපුරු බාප්පා දැකීම නුරුස්සයි. ඔහු කර ඇති වරද වල ලැයිස්තුවක් ඉදිරිපත් කරන ඇය, එ්වායේ වගකීමෙන් ලිස්සා යාමට ඔහුට ඉඩ නොදේ. ඇයගේ චෝදනා කෙතරම් සත්‍ය සහ දැඩිවේද යත් සාමාන්‍යයෙන් කලහකාරී මර්ඩ්ස්ටෝන් වචනයක් වත් කටින් පිට නොකර යන්න යයි. බෙට්සි නැන්දාගේ චරිතයෙහි ඇති ශක්තිය සහ යහපත්කම නිසා අවසානයේ ඩේවිඩ්ට සාධාරණය ඉෂ්ඨවේ.

යහපත් ශක්තිමත් තවත් කෙනෙකු සිටී. උන්වහන්සේ මතු දිනක අපගේ ලෝකයේ වැරදි සියල්ල නිවැරදි කරනසේක. යේසුස්වහන්සේ ස්වර්ගයෙහි සිට බලවත් දේවදූතයන් කණ්ඩායමක් සමඟ පැමිණෙනසේක. උන්වහන්සේ කරදරයෙන් සිටින ඔබට සහනය දෙනසේක. තම දරුවන්ට කරදර කරන අයට උන්වහන්සේ දඬුවම් නොකර නොසිටිනසේක (2 තෙසලෝනික 1:6-7). එදින තෙක් අප ශක්තිමත්ව ධෛර්යමත්ව සිටීම යේසුස්වහන්සේගේ කැමැත්තය. අප මෙළොවදී කොපමණ දුක් වින්දද අපගේ සදාකාලය අපට සහතිකය.