2 වන සාමුවෙල් පොතට තේමාව ලෙස “ජීවිතය අවුලකි” කියා යෙදිය හැක. එහි ජනප‍්‍රිය රූපවාහිනී නාට්‍යයකට අවශ්‍ය සියල්ල තිබේ. ඉශ‍්‍රායෙලයේ රජු ලෙස දාවිත් තම පාලනය ස්ථාපිත කිරීමට උත්සාහ කිරීමේදී ඔහුට යුද අභියෝගද දේශපාලනික ගැටළුද පවුලේ අය සහ මිතුරන්ගේ පාවාදීම්ද පැමිණියේය. බෙත්ෂෙබා සමඟ ඔහුගේ සම්බන්ධතාවය දෙස බැලූ විට දාවිත්ද වරදින් තොර නොවීය (11-12 පරිච්ඡේද).

එහෙත් 2 වන සාමුවෙල් අවසානයේ අපි දෙවියන්වහන්සේගේ දයාව, පේ‍්‍රමය සහ මිදීම සම්බන්ධ දාවිත්ගේ ප‍්‍රශංසාව දකිමු. “ස්වාමීන්වහන්ස ඔබ මාගේ පහනය, ස්වාමීන්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝක කරනසේක” (22:29).

ඔහුගේ අසීරුතා මධ්‍යයෙහි දාවිත් ස්වාමීන්වහන්සේ වෙත හැරුණි. “ඔබ කරණකොටගෙන සමුදාවකට විරුද්ධව දුවමි. මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරක් උඩින් පනිමි” (30 පදය).

සමහර විට දාවිත්ගේ අරගලය අපට තේරුම්ගත හැක. ඊට හේතුව ඔහුත් අප වාගේ අසම්පූර්ණ නිසාය. එහෙත් ඔහුගේ ජීවිතයේ ව්‍යාකූළ කොටස් වලට වඩා දෙවියන්වහන්සේ උසස් බව ඔහු දැන සිටියේය.

දාවිත් මෙන් අපටද කිව හැක්කේ “දෙවියන්වහන්සේගේ මාර්ගය වනාහි සම්පූර්ණය. ස්වාමීන්වහන්සේගේ වචනය නිර්මලය. උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට පලිහක් වනසේක” කියාය (31 පදය). ඊට අපද ඇතුලත්ය.

ජීවිතය අවුලකි. එහෙත් දෙවියන්වහන්සේ අවුල් වලට වඩා ඉහළින් සිටිනසේක.