ලන්ඩනයේ ජාතික කලාගාරය, මොස්කව්හි ටෙ‍්‍රට්යාකොව් කලාගාරය වැනි ස්ථාන නැරඹීම මට සතුටු ගෙනදේ. බොහෝ කලාකෘතීන් මා විස්මපත් කරන අතර සමහරක් මා ව්‍යාකූල කරයි. සමහර විට චිත‍්‍ර ශිල්පියා කලාවේ විශිෂ්ටයෙක් වුවද කැන්වසයේ එහේ මෙහේ තැවරුන වර්ණ දෙස බලා මා හට අවබෝධ වන්නේ මට කිසිදෙයක් නොතේරෙන බවය.

දේව වචන ගැනද සමහර විට අපට එසේ සිතියහැකිය. “එ්වා තේරුම් ගත හැකිද?” කියා අපි සමහර විට කල්පනා කරන්නෙමු. පාවුල්ගේ වචන වලින් අපට උපකාරයක් ගත හැකිය. “මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලි වලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියන ලද සියල්ල අපගේ ඉගෙනීම සඳහා ලියන ලද්දේය” (රෝම 15:4).

දිව්‍ය ලියවිලි, දෙවියන්වහන්සේ අපට දෙන ලද්දේ අප දිරිමත් කිරීමට සහ අපට උපදෙස් දීමටය. එසේම උන්වහන්සේගේ සිතිවිලි තේරුම් ගැනීම පිණිස උන්වහන්සේ තම ආත්මයාණන් අපට දී තිබේ. යේසුස්වහන්සේකීවේ “සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල උන්වහන්සේ මුළු සත්‍යය කරා (අපට) මඟපෙන්වනසේක” කියාය (යොහන්16:13″. පාවුල් 1 කොරින්ති 2:12හි නැවත මෙය සහතික කරයි. “දෙවියන් වහන්සේ විසින් අපට දෙනලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව.”

ආත්මයාණන්ගේ උපකාරයෙන් බයිබලය වෙත සහතිකයක් ඇතිව ළඟාවීමට අපට පුළුවන. උන්වහන්සේ සහ උන්වහන්සේගේ මාර්ග බයිබලයේ පිටු තුළින් අප දැනගැනීම උන්වහන්සේගේ කැමැත්තය.