අපගේ පුත් ජොෂ් ඇලස්කාවේ කෝඩියැක් ප‍්‍රදේශයේ සැමන් මසුන් අල්ලන්නෙකි. ටික කලකට පෙර ඔහුගේ බෝට්ටුවට යාර සිය ගණනක් ඉදිරියෙන් පටු පිවිසුමක් තුළින් ගිය කුඩා නැවක ඡායා රූපයක් ඔහු මට එවීය. නැවට ඉහළින් කුණාටු සහිත වලාකුල් ක්ෂිතිජයෙහි එහා මෙහා යයි. එහෙත් දෙවියන්වහන්සේගේ සැපයීමේ සහ පේ‍්‍රමවන්ත සැලකිල්ලේ සංකේතයක් වන දේදුන්නක් පිවිසුමේ එක් කොනක සිට අනිත් කොනට බෝට්ටුව වටකරගෙන ඇත.

එම ඡායාරූපය අපගේ ජීවිත ගමන සංකේතවත් කරයි. අප යන්නේ අවිනිශ්චිත අනාගතයකටය. එහෙත් අප දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකමින් වටවී සිටිමු.

යේසුස්වහන්සේගේ ගෝලයෝ කුණාටුවකින් වටවූහ. දෙවියන්වහන්සේගේ බලය සහ විශ්වාසවන්තකම ගැන ඉගැන්වීමට උන්වහන්සේ එම අත්දැකීම භාවිත කළසේක (මතෙව් 8:23-27). ජීවිතයේ අවිනිශ්චිතභාවයන්ට අපි පිළිතුරු සොයමු. අනාගතය ළංවෙනවා අපි බලා සිටිමු. එහිදී අපට කුමක්වේදැයි කල්පනා කරමු. පියුරිටානු කවියෙකු වන ජෝන් කීබල් ඔහුගේ අනාගතය ළඟා වෙද්දී එය කවියක අලංකාර ලෙස සටහන් කළේය. ඔහු බලා සිටින විට”දෙවියන්වහන්සේ කුමක් කරන්ට යනවාද”කියා ඔහු ඇසුවේය.

තරුණ වුවද මහළු වුවද අපි අවිනිශ්චිත අනාගතයකට මුහුණ දෙන්නෙමු. ස්වර්ගය අපට පිළිතුරු දෙන්නේ: අපට කුමකට මුහුණ දෙන්නට සිදු වුවද දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය සහ යහපත්කම අප වටකර සිටී කියාය. දෙවියන්වහන්සේ කරන දෙය අපි බලා සිටිමු