එස්රා සහ නෙහෙමියා පොතෙහි පරණ ගිවිසුමේ අවසන් ඓතිහාසික ප‍්‍රධාන ක‍්‍රියා සඳහන්වී ඇත. එ් දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟට වහල්කමින් පැමිණ යෙරුසලමේ නැවත පදිංචිවීමට ඉඩ දීමය. දාවිත්ගේ නුවර නැවත හෙබ්‍රෙව් පවුල් පදිංචිවූ අතර අලුත් මාලිගයක් සෑදින, පවුර අලුත්වැඩියා කෙරිණ. එය අප මලාකි පොතට සම්බන්ධකරයි. බොහෝ විට නෙහෙමියාගේ සමකාලීනයෙක් විය හැකි මලාකි, පරණ ගිවිසුමේ ලිඛිත කොටස අවසන් කරයි. ඔහු ප‍්‍රථමයෙන් ඉශ‍්‍රායෙල් සෙනඟට කී දෙය බලන්න: “මම නුඹලාට පේ‍්‍රම කළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක”. දැන් ඔවුන්ගේ ප‍්‍රතිචාරය දෙස බලන්න. “ඔබවහන්සේ අපට පේ‍්‍රමකළේ කුමකින්ද?” (1:2).

පුදුමයි නේද? ඔවුන්ගේ ඉතිහාසය දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ඔප්පු කරයි. වසර සිය ගණනක් දෙවියන්වහන්සේ තෝරාගත් සෙනඟට ආශ්චර්යවත් සහ විවිධාකාර ලෙස සැපයූ පසුවද උන්වහන්සේ කුමකින් ප්‍රේමකළේදැයි ඔව්හු අසන්නෝය. පොත ඉදිරියට යන විට මලාකි ඔවුන්ගේ අවිශ්වාසවන්තකම ගැන පෙන්වා දෙයි (6-8 පද). දෙවියන්වහන්සේගේ සැපයීම ගැන ඔවුන්ට දීර්ඝ ඓතිහාසික රටාවක් තිබිණි. සැමවිටම සමෘද්ධියට පසු අකීකරුකමද එ් සමඟ දෙවියන්වහන්සේගේ විනිශ්චයද පැමිණියේය.

දැන් අලුත් ක‍්‍රමයකට වේලාවය. මලාකි 4:5-6 අනාගතවක්තෘ ඒ ගැන ඉඟියක් දෙයි. මෙසියස්වහන්සේ එනසේක. තම පේ‍්‍රමය පෙන්වා අපගේ පාපය වෙනුවෙන් දඬුවම එක්වර ගෙවාදමන ගැළවුම්කරුවෙකුගේ පැමිණීමේ බලාපොරොත්තුවක් ඉදිරියට තිබිණි. එම මෙසියස්වහන්සේ නියත වශයෙන් පැමිණිසේක. මලාකිගේ බලාපොරොත්තුව දැන්යේසුස්වහන්සේ තුළ යථාර්ථයකි