ඔබගේ මතකයන් නැවත ඔබට සිහිකරවන්නේ පංච ඉන්ද්‍රීයයන්ගෙන් කුමන ඉන්ද්‍රියද? මට නම් එ් සුවඳය. හිරු රශ්මි ආලේප වර්ගයක් මට මතක් කරන්නේ ප‍්‍රංශ මුහුදු වෙරළකි. කුකුල් කෑම සුවඳ මට කුඩා කාලයේ ආච්චිලාගේ ගෙවත්ත මතකයට ගෙනෙන්නේය. පයින් ගස් සුවඳ “නත්තල” මතක් කරයි. රැවුල් කැපූ පසු දමන ආලේපයක් මාගේ පුතාගේ යෞවන කාලය මතකයට ගෙන එයි.

පාවුල් කොරින්තිවරුන්ට මතක් කරන්නේ අප ක‍්‍රිස්තුස්වහන්සේගේ සුවඳ බවය. “අපි දෙවියන්වහන්සේට ක‍්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳක්ව සිටිමුව” (2 කොරින්ති 2:15). සමහර විට ඔහු එහි අදහස් කරන්නේ රෝමානු ජයග‍්‍රාහී පෙරහැරවල් විය හැකිය. රෝමානුවෝ ජයග‍්‍රහණය සියල්ලන්ගේ දැනගැනීම සඳහා නගරය පුරා පූජාසන වල සුවඳ දුම් ඇල්ලුවෝය. ජයග‍්‍රාහකයින්හට සුවඳ ප‍්‍රසන්න විය. සිරකරුවන්හට එය ස්ථිර වහල්කමේ සහ මරණයේ ලකුණක් විය. ඇදහිලිවන්තයින් ලෙස අප ජයග‍්‍රාහී සොල්දාදුවන්ය.

ක‍්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කළ විට එය දෙවියන්වහන්සේට ප‍්‍රසන්න සුවඳක් විය. ක‍්‍රිස්තුස්වහන්සේගේ සුවඳ ලෙස කිතුනුවන් කාමරයකට ඇතුල් වන විට ගෙන එන්නේ කුමන වර්ගයේ සුවඳක්ද? එය කුප්පියක ගෙන ආ හැකි දෙයක් නොවේ. අප යමෙකු සමඟ බොහෝ කාලයක් සිටින විට අප එම පුද්ගලයා ලෙස ක‍්‍රියා කිරීමට පටන්ගනිමු. යේසුස්වහන්සේ සමඟ කාලය ගත කිරීමෙන් අප අවට සිටින අයට ප‍්‍රසන්න සුවඳක් පැතිරවීමට අපට හැකිවේ.