එක් දිනක් මාගේ දියණිය අපගේ වසරක් වයසැති මුණුපුරා සමග අප නිවසට පැමිණියහ. මම ගමනක් යාමට ගෙදරින් පිටවීමට සුදානම්ව සිටියෙමි. මම පිටතට යන විටම මගේ මුණුපුරා හැඬීමට පටන් ගන්නේය. එය දෙවරක් සිදුවිය. දෙවරම මම නැවත පැමිණ ඔහු සමග විනාඩි කිහිපයක් ගත කලෙමි. තෙවන වරද මා යන විට ඔහුගේ තොල් සෙළවෙන්නට පටන් ගත්තේය. එවර මාගේ දියණිය කීවේ “තාත්තේ ඇයි එයාවත් ඔයා එක්ක ගෙන නොයන්නේ?” කියාය.

ඕනෑම සීයා කෙනෙකුට ඉන්පසු වූයේ කුමක්දැයි ඔබට කීමට අවශ්‍ය නැත. මාගේ මුණුපුරා මා සමග ගමන ගියේය. ඊට හේතුව මම ඔහුට පේ‍්‍රම කරන නිසාය.

අපගේ සිතෙහි දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ආශාවන් පේ‍්‍රමයෙන් ඉටුවන බව දැන ගැනීම කෙතරම් හොඳද? බයිබලය අපට සහතික වන්නේ “දෙවියන්වහන්සේ අපට දී ඇති පේ‍්‍රමය දැන ඒ මත යැපිය හැකි” බවය (1 යොහන් 4:16). දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන්නේ අප කළ හෝ නොකල දෙයක් නිසා නොවේ. උන්වහන්සේගේ පේ‍්‍රමය අපගේ වටිනාකම මත කිසිසේත් පවතින්නේ නැත. ඒ උන්වහන්සේගේ යහපත්කම සහ විශ්වාසවන්තකම මතය. අප අවට ලෝකය අකරුණාවන්ත හා පේ‍්‍රම නොකරන විට දෙවියන්වහන්සේගේ නොවෙනස්වන පේ‍්‍රමය මත අපට යැපිය හැකිය. එය අපගේ බලාපොරොත්තුවේ සහ සාමයේ මූලාශ‍්‍රයයි.

උන්වහන්සේගේ පුත‍්‍රයා සහ ආත්මයාණන් යන තෑගි තුළින් අපගේ ස්වර්ගීය පියාණන්ගේ සිත අප වෙත පැමිණ ඇත. අවසන් නොවන පේ‍්‍රමයකින් දෙවියන්වහන්සේ අපට පේ‍්‍රම කරන බව දැනගැනීම කෙතරම් සහනයක්ද?