දෙවියන්වහන්සේට ආරම්භයක් හෝ අවසානයක් හෝ නැතිනම් අප මැවීමට පෙර උන්වහන්සේ කළේ කුමක්ද? උන්වහන්සේ තම කාලය ගත කළේ කෙසේද? අප දෙවියන්වහන්සේගේ සදාකාලික ස්වභාවය ගැන කථා කරන විට වයසට වඩා පැසුණු සබත් පාසැල් දරුවෙක් මෙම ප‍්‍රශ්නය සෑමවිටම අසයි. මා එකල කීවේ එය අභිරහසක් කියාය. නමුත් බයිබලය එයට පිළිතුරක් දෙන බව මෑතකදී මම සොයා ගතිමි.

යොහන් 17 හි පියාණන් හට යේසුස්වහන්සේ යාච්ඤා කරන විට උන්වහන්සේ පවසන්නේ “පියාණෙනි…. ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට පේ‍්‍රම කළ සේක” (24 පදය) කියාය. යේසුස්වහන්සේ අපට එළිදරව් කළ ආකාරයට මේ දෙවියන්වහන්සේය. ලෝකය මැවීමට ප‍්‍රථම දෙවියන්වහන්සේ ත‍්‍රීත්වයක්ය (පියාණෝ, පුත‍්‍රයාණෝ සහ ශුද්ධාත්මයාණෝය). සියල්ලෝ එක් එක් තැනැත්තාණන්ට පේ‍්‍රම කළහ. එසේම පේ‍්‍රමය ලැබීය. යේසුස්වහන්සේ බව්තීස්ම ලබන විට “මොහු මාගේ පේ‍්‍රමවන්ත පුත‍්‍රයාය. මොහු කෙරෙහි ඉතා ප‍්‍රසන්නව සිටිමි” යි (මතෙව් 3:17) දෙවියන්වහන්සේ කී සේක. දෙවියන්වහන්සේගේ අනන්‍යතාවයෙහි පදනම් කොටස නම් පළමු පියවර වන ජීවනය දෙන්නාවූ පේ‍්‍රමයයි.

එය අප දෙවියන්වහන්සේ පිළිබඳව කෙතරම් පේ‍්‍රමණීය දිරිමත් කරවන සත්‍යයක්ද? එය ත‍්‍රීත්වයේ සියලු සාමාජීකයන්ගෙන් ප‍්‍රකාශ වන්නේය. ඒ පියාණෝ, පුත‍්‍රයාණෝ සහ ශුද්ධාත්මයාණෝය. දෙවියන්වහන්සේගේ ස්වභාවය තේරුම් ගැනීමට යතුර එය වේ. කාලය ආරම්භයට පෙර දෙවියන්වහන්සේ කරමින් සිටියේ කුමක්ද? උන්වහන්සේ සෑම විටම කරන දෙයමය! උන්වහන්සේ පේ‍්‍රම කරමින් සිටි සේක. ඊට හේතුව උන්වහන්සේ පේ‍්‍රමය නිසාය.