මාගේ දියණිය පාසැලට ඇරලවා ගෙදර එන සැතපුමේදී බයිබල් පද කට පාඩම් කිරීමට මට කාලයක් ලැබේ. ඒ මට එය කිරීමට අවශ්‍ය නම් පමණි. එසේ දේව වචනය මගේ සිතෙහි මෙනෙහි කිරීමට මම කාලය ගන්නා විට එම දිනයේ පසු වේලාවකදී ඒවා මාගේ සිතට එන බව මට දැනේ. ඒවා මට සහනයද ප‍්‍රඥාවද දෙන්නේය.

පොරොන්දු දේශයට ඇතුල්වීම පිණිස මෝසෙස් ඉශ‍්‍රායෙල්වරු පුහුණු කරන විට දෙවියන්වහන්සේගේ අණ පනත් වලට ළංව සිටින්නැයි ඔහු ඔවුන්ට ආයාචනා කළේය (ද්වීතීය කථාව 6:1-2). ඔවුන් වර්ධනය වෙනවාට කැමතිව එම ආඥා ඔවුන්ගේ සිත්වලින් මෙනෙහි කර තම දරුවන් සමග සාකච්ඡා කරන්න යැයි ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේය (6-7 පද). අත්වල සහ නළල් තල වලද ඒවා බැඳගන්න යයි ඔවුන්ට උපදෙස් දුන්නේය (8 පදය). ස්වාමින්වහන්සේට ගරු කර උන්වහන්සේගේ ආශීර්වාද භුක්ති විඳින සෙනඟක් ලෙස ජීවත්වීම පිණිස ඔවුන් දෙවියන් වහන්සේගේ උපදෙස් අමතක නොකිරීමට ඔහුට අවශ්‍ය විය.

අද ඔබ දෙවියන්වහන්සේගේ වචනය සැලකිය යුත්තේ කෙසේද? එක් අදහසක් නම් බයිබල් පදයක් ලිවීමය. ඔබ අත සෝදන සැමවිට හෝ වතුර බොන සැම විට ඒවා කියවා ඔබගේ මනසෙන් මෙනෙහි කරන්න. නැතිනම් නින්දට යාමට පෙර දවසේ අවසන් කාර්යය ලෙස බයිබලයෙන් කෙටි ඡේදයක් ගෙන මෙනෙහි කරන්න. අපගේ සිත් සමීපයේ දෙවියන්වහන්සේගේ වචනය තබාගැනීමට බොහෝ ක‍්‍රම තිබේ.