ලිගොන් ස්ටීවන්ස් තම සහෝදරයා වන නික් සමග කඳු තරණය කිරීමට ඉතා ආශා කළාය. ඔව්හු අත්දැකීම් සහිත කඳු නගින්නෝය. මැකින්ලි කන්ද (ඩිනාලි) උතුරු ඇමෙරිකාවේ උසම ලක්‍ෂයයි. ඔව්හු දෙදෙනා එය තරණය කර තිබුණි. 2008 ජනවාරියේදී කොලරාඩෝහි කන්දකින් ඔවුන් ගසාගෙන ගියේ නාය යෑමකිනි. නික්ට තුවාල විය. ලිගොන් මිය ගියාය. ඇයගේ ගමන් මල්ලක තිබී දිනක් නික්ට තම සහෝදරීයගේ දිනපොත හමුවිය. එහි තිබූ අන්තර්ගතයන් ගෙන් ඔහු විශාල සහනයක් ලැබීය. එය ඇයගේ ආවර්ජනා, යාච්ඤා සහ දෙවියන්වහන්සේට කළ ප‍්‍රශංසා වලින් පිරී තිබුණී. ඉන් එකක් පහත ඇත. “මම කලාකෘතියකි. දෙවියන්වහන්ගේ අත්සන එහි කොටා ඇත. උන්වහන්සේ තවම එය අවසන් කර නැත. ඇත්තෙන්ම උන්වහන්සේ ආරම්භ කළා පමණී…. මා මත දෙවියන්වහන්සේගේ ඇඟලි සළකුණ ඇත්තේය. මා වැනි තව කෙනෙකු කවදාවත් ඇති නොවේ…. අන් කිසි කෙනෙකුට නොකළ හැකි කාර්යයක් මට තබා අත්තේය”.

ලිගොන් තවදුරටත් ශාරීරිකව මෙලොව නැති නමුත් ඇයගේ ජීවිත උරුමයෙන් සහ ඇයගේ දින පොතින් ඇය මෙලොව හැර ගිය අයව, ජ්වලිත කර දිරිමත් කරන්නීය.

අපව දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති බැවින් (උත්පත්ති 1:26) “සෑම පුද්ගලයෙකුම දෙවියන්වහන්සේගේ අත්සන සහිත කලා කෘතියක්” වේ. පාවුල් අපෝස්තළුවරයා කියන ලෙස “අපි වනාහි යහපත් ක‍්‍රියා කරන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සුදානම් කළ සේක” (එපීස 2:10).

අප එකිනෙකා දෙවියන්වහන්සේ භාවිතා කරන නිසා උන්වහන්සේට ස්තුති වේවා! ඒ උන්වහන්සේගේ වෙලාවට සහ ක‍්‍රමයටය. අන් අයට උපකාර කිරීමටය.