2015 අගෝස්තුවේ මා නිවසේ සිට පැය දෙකක් පමණ ඈත ඇති විශ්ව විද්‍යාලයකට ඇතුල්වීමට සුදානම් වෙමින් සිටියෙමි. උපාධි උත්සවයෙන් පසු මා නැවත ගමට නොයනු ඇතැයි මට වැටහුණි. මාගේ මනස ක‍්‍රියාත්මක වුනි. “මා ගෙදර, සභාව, පවුල හැරයන්නේ කෙසේද? දෙවියන්වහන්සේ ඊට පසුව මට වෙන ප‍්‍රදේශයකට කැඳවීමක් දුනහොත්?”

“නුඹ මාගේ සෙනඟවූ ඉශ‍්‍රායෙල් පුත‍්‍රයන් මිසරයෙන් පිටතට ගෙනෙන පිණිස මම ඵාරාවෝ වෙතට නුඹ යවන්නෙමි” (නික්මයාම 3:10) යයි දෙවියන්වහන්සේ කී විට මෝසෙස් භියවූ ලෙසට මමද බියවීමි. මාගේ පහසු කාලාපය හැර යාමට මම බියවීමි. මෝසෙස් දෙවියන්වහන්සේට කීකරුවී උන්වහන්සේ අනුගමණය කළේය. නමුත් දෙවියන්වහන්සේගෙන් ප‍්‍රශ්න කර තමා වෙනුවට වෙන කෙනෙකු යවන්න යයි කීමෙන් පසුවය (11-13, 4:13 පද).

මෝසෙස්ගේ උදාහරණයෙන් අපට ඉගෙන ගත හැක්කේ අපට පැහැදිළි කැඳවීමක් ලැබූ විට අප නොකළ යුතු දෙයයි. ඒ වෙනුවට ගෝලයන් මෙන් වන්නට අප උත්සාහ කළ යුතුවේ. යේසුස්වහන්සේ ඔවුන් කැඳවූ විට ඔවුන් සැමදේ අත්හැර උන්වහන්සේව අනුගමණය කළෝය (මතෙව් 4:20-22; ලූක් 5:28). බිය සාමාන්‍ය දෙයකි. නමුත් දෙවියන්වහන්සේගේ සැලසුම අපට විශ්වාස කළ හැකිය.

නිවසින් එතරම් දුර සිටීම අසීරුය. නමුත් මා අඛණ්ඩව දෙවියන්වහන්සේ සොයන විට මා සිටින්නේ මා සිටිය යුතු ස්ථානයේ බව පෙන්වීමට උන්වහන්සේ දොරවල් විවෘත කරන සේක.

අප අපගේ පහසු කලාපයෙන් පිටතට යැවුණු විට මෝසෙස් මෙන් අදිමදි කරමින් අපට ගිය හැකිය. නැතිනම් ගෝලයන් මෙන් කැමැත්තෙන් ගිය හැකිය. ඔව්හු යේසුස්වහන්සේ ඔවුන්ට මග පෙන්වූ ලෙස ගියෝය. සමහර විට ඉන් අර්ථවත් වන්නේ අපගේ පහසු ජීවිතය සැතපුම් දහස් ගණනකින් ඈත්වන බවය. නමුත් එය කෙතරම් අසීරු වුවද යේසුස්වහන්සේ අනුගමණය කිරීම වටින්නේය.