එය වෙනත් ගංගාවක් හරහා යනවාක් මෙන් පහසු නොවේ. නීතිය අනුව කිසිම රෝම හමුදාපතියෙකුට තම භට කණ්ඩායම රෝමයට ගෙන ගිය නොහැකිය. ඒහෙයින් ක‍්‍රි.පූ. 49 දී ඉතාලියට රුබීකොන් ගඟ හරහා ජූලියස් සීසර් තම 13 වන කණ්ඩායම ගෙන ගිය විට සීසර්ගේ තීරණය නැවත හැරවිය හැක්කක් නොවීය. එහි බලපෑමද නැවත හැරවිය නොහැකිය. වසර ගණනාවක සිවිල් යුද්ධයක් එයින් මතු විය. පසුව ඔහු රෝමයේ පරම පාලකයා බවට පත් විය. “රුබිකොන් හරහා යාම” යන වාක්‍ය කණ්ඩයෙන් අදටත් හැඳින්වෙන්නේ නැවත හැරිය නොහැකිය යන්නයි.

සමහර විට අපි අන් අයට කියන වචන වලින් අපට සම්බන්ධතාවයේ “රුබිකොන්” නදියක් පසු කළ හැකිය. එක් වරක් කී පසු වචන නැවත හැරවිය නොහැකිය. ඒවා උපකාරයක් හා සැනසීමක් හෝ නැවත සීසර් රෝමයට ගියාක් මෙන් හානියක් හෝ ඇති කරයි. යාකොබ් අපගේ වචන ගැන තවත් වචන චිත‍්‍රයක් දෙයි. “දිවද ගින්නක්ය. එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරය කිලුටු කොට සකළ ලෝකයට ගිනි අවුලවයි. ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය” (යාකොබ් 3:6).

අපි කෙනෙකු සමග “රුබිකෝනයක්” පසුකර ඇතැයි සිතේ නම් ඔවුන්ගේ සහ දෙවියන්වහන්සේගේ සමාව අපට ලබා ගත හැකිය (මතෙව් 5:23-24; 1 යොහන් 1:9). නමුත් ඊට වඩා හොඳ දිනපතා දෙවියන්වහන්සේගේ ආත්මය තුළ යැපීමය. පාවුල්ගේ අභියෝගයට ඇහුම්කන් දීමය. “නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව අනුග‍්‍රහයෙන් යුක්තව තිබේවා” (කොලොස්සි 4:6). ඒ අපගේ වචන ස්වාමින්වහන්සේට ගෞරවය දෙනවා පමණක් නොව අප අවට අයව දිරිමත් කරන පිණිසද වන්නේය.