රීමා සිරියානු කාන්තාවකි. ඇය මෑතකදී ඇමෙරිකාවට පැමිණ ඇත. අය තම භාෂා ගරුවරයාට ඇය දුකෙන් සිටීමට හේතුව පැහැදිළි කිරීමට අතින් පයින් සහ සීමිත ඉංග‍්‍රීසියෙන් කීමට උත්සාහ කළාය. ඇය කඳුළු ගළා බසින කම්මුල් සහිතව මස්, චීස් සහ නිවිති වලින් සෑදු අලංකාර කෑමක් පිළිගන්වමිනි. “එක් අයෙක් පමණයි” ඇය දොරේ සිට සාලය දක්වාද නැවත දොර දක්වාද අතින් පෙන්වූවාය. ගුරුවරයා තේරුම් ගත්තේ සභාවකින් කිහිප දෙනෙක් එන්නට සිටි බවත් ඔවුන් යම් තෑග්ගක් රීමාගේ නිවසට ගෙන ඒමට සිටි බවත්ය. නමුත් ආවේ එක් අයෙක් පමණී. ඔහු ඉක්මණින් අවුත් භාණ්ඩ සහිත පෙට්ටියක් තබා හදිසියේ යන්නට ගියේය. ඔහුට වෙන වැඩක් තිබුණී. ඇයත් ඇගේ පවුලේ අයත් තනිව සිටියෝය. ඔවුන්ට සහභාගීකම අවශ්‍ය විය. අලුත් මිතුරන් සමග සෑදු ආහාර බෙදා ගැනීමට ඇය ආශාවෙන් සිටියාය.

යේසුස්වහන්සේ කළ ප‍්‍රධාන කාර්යයක් නම් සෙනගට කාලය දීමය. උන්වහන්සේ රාත‍්‍රී භෝජනවලට ගිය සේක. සෙනගට ඉගැන්වූ සේක. තනි තනිව පුද්ගලයන්ට කථා කළ සේක. එක් පුද්ගලයෙකුගේ ගෙදරට ආරාධනාවක් නැතුවම ගිය සේක. සාකෙවුස් බදු අයකරන්නෙකි. ඔහු යේසුස් වහන්සේ දැකීමට ගහකට නැග්ගේය. උන්වහන්සේ ඉහළ බලා “වහාම බසින්න. මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑ යයි ඔහුට කී සේක” (ලූක් 19:1-9). සාකෙවුස්ගේ ජීවිතය ඉන් සම්පූර්ණයෙන්ම වෙනස් විය.

වෙනත් වගකීම් නිසා අපට සැමවිට කාලය නොමැති විය හැකිය. නමුත් එසේ කාලය ගත් විට අන් අය සමග සිටීමටද, අප තුළින් ස්වාමින්වහන්සේ කරන ක‍්‍රියා දැකීමටද අපට අනගි වරප‍්‍රසාදයක් ලැබේ.