මා හැදෙන වැඩෙන කාලයෙහි කේදාර් ලී වලින් සාදන ලද විශාල පෙට්ටිය මත මාත් මාගේ සහෝදරියන් දෙදෙනාත් හිඳ ගන්නෙමු. මාගේ මව අපගේ ලොම් කබා තැබුවේ එහිය. එසේම ආච්චි අම්මා විසින් ගෙත්තම් කළ විවිධ අත් වැඩද එහි විය. එම වටිනා ඇඳුම් කාවන්ගෙන් ආරක්‍ෂා කිරීමට කේදාර් ලීයේ දැඩි සුවඳ මත ඇය විශ්වාසය තැබුවාය.

බොහෝ ලෞකික වස්තූන් කෘමින් හෝ මළකඩ වලින් ඉක්මණින් විනාශ වීමට පුළුවන. නැතිනම් සොරකම් කිරීමටද හැකිය. මතෙව් 6 අප දිරිමත් කරන්නේ තාවකාලික දේවල් ගැන නොව සදාකාලික දේ ගැන විශේෂ අවධානයක් යොමු කිරීමටය. මාගේ මව වයස 57 න් මිය ගිය විට ඇය බොහෝ ලෞකික වස්තුව රැස් කර ගෙන නොතිබුණී. නමුත් ඇය ස්වර්ගයෙහි රැස් කළ වස්තුව ගැන සිතීමට මම කැමැත්තෙමි (10-20 පද).

වැඩි ශබ්දයක් නැතුව ඇය දෙවියන්වහන්සේට පේ‍්‍රම කළ ආකාරයත් නිසලව සේවය කළ ආකාරයත් මම මතක් කරමි. ඇයගේ පවුලට ඇය විශ්වාසවන්තව සේවය කළාය. සබත් පාසැල් දරුවන්ට ඉගැන්වූවාය. ස්වාමිපුරුෂයා හැරදමා ගිය ස්ත‍්‍රීයකට කරුණා කළාය. ළදරුවෙකු නැතිවූ මවකට සහනය දුන්නාය. ඇය යාච්ඤා කළාය. ඇගේ ඇස් පෙනීම නැතිවී රෝද පුටුවක ඉන්නා අතර පවා අන් අයට පේ‍්‍රම කිරීමටද යාච්ඤා කිරීමටද අතපසු නොකළාය.

අපගේ සත්‍ය වස්තුව අප ගොඩ නගා ගන්නා දේවලින් මැනෙන්නේ නැත. නමුත් ඒවා මැනෙන්නේ අප කාලය සහ ආශාවන් ආයෝජනය කරන අය අනුවය. යේසුස්වහන්සේට සේවය කරමින් අනුගමණය කරමින් අප ස්වර්ගයේ රැස්කරන්නේ මොන වස්තුවද?