“අහගෙන ඉන්න” මාගේ භාර්යාව දුරකථනයෙන් කීවාය. අපේ වත්තට වඳුරෙක් ඇවිල්ලා මට ඇසෙන ලෙස ඇය දුරකථනය ඒ දෙසට දිගු කර ගෙන සිටියාය. ඒ හඬ වඳුරෙක්ගේ වාගේමය. නමුත් එය විශ්වාස කිරීමට අසීරුය. ඊට හේතුව සමීපම වඳුරා සිටින්නේ සැතපුම් 2000 කට එහාය.

පසුව මගේ මාමා හරි කාරණය සොයා ගත්තේය. ඒ ලොකු බකමූණෙක්. සත්‍යය පෙනෙන ආකාරයට වඩා වෙනස්ය.

සෙනකෙරිබ් රජුගේ හමුදා හෙසකියාව යෙරුසලමේ තාප්ප අතර කොටුකරගත් විට ජයග‍්‍රහණය ඔවුන්ට හිමි වී යයි අෂූර්වරු සිතුවෝය. නමුත් යථාර්ථය වෙනස් විය. අෂූර් හමුදාපතියා දෙවියන්වහන්සේ වෙනුවෙන් කථා කරන ලෙසක් පෙන්වුවද දෙවියන්වහන්සේ තම සෙනඟ මත උන්වහන්සේගේ හස්තය තබා ගෙන සිටිසේක. “මා දැන් මේ ස්ථානය විනාශ කරන්ට ඊට විරුද්ධව ආවේ ස්වාමීන්වහන්සේගෙන් වචනයක් නැතුවද?” (2 රාජාවලිය 18:25). ඔහු යෙරුසලමට යටත්වන්න යයි පොළඹවන විට මරණය නොව ජීවිතය තෝරා ගන්න යැයිද කීවේය (32 පදය).

එය දෙවියන්වහන්සේ කියන දෙයක් ලෙස ඇසේ. නමුත් යෙසායා අනාගතවක්තෘ ස්වාමින්ගේ සත්‍ය වචන ඉශ‍්‍රායෙල්වරුන්ට කීවේය. “(සෙනකෙරිබ්) මෙහි ඇතුල් නොවේ. ඔහු ඊතලයක්වත් විදින්නේ නැත”. දෙවියන්වහන්සේ “මම මේ නගරය ආරක්‍ෂා කර එය ගළවන්නෙමි” යි කී සේක (19:32-34; යෙසායා 37:35). එම රාත‍්‍රියෙහිම ස්වාමින්ගේ දූතයා අෂුර්වරු විනාශ කළේය (35 පදය).

විටින් විට මෘදු ලෙස කථා කරමින් දෙවියන්වහන්සේගේ බලය ප‍්‍රතික්‍ෂේප කරන නමුත් අපට අවවාද කිරීමට ඔවුන් එනු ඇත. ඒ දෙවියන්වහන්සේගේ හඬ නොවේ. උන්වහන්සේ අපට වචනය තුළින් කථා කරන සේක. උන්වහන්සේගේ ආත්මයෙන් අපට මග පෙන්වන සේක. උන්වහන්සේ අනුගමණය කරන අය සමග උන්වහන්සේගේ හස්තය තිබේ. උන්වහන්සේ කිසිදා අප අත් නාරින සේක.