“දෙවියන්වහන්සේ මෑතකදී කෙසේ ක‍්‍රියා කර ඇත්දැයි කියා ඔබ දුටුවේද?” මම මිතුරන් කිහිප දෙනෙකුගෙන් ඇසීමි. “මා බයිබලය සෑම උදෑසනකම කියවන විට මම උන්වහන්සේගේ ක‍්‍රියාකාරිත්වය දකිමි. සෑම අලුත් දිනකටම මුහුණ දීමට උන්වහන්සේ උපකාර කරන ආකාරය මම දකිමි. උන්වහන්සේ සෑම මොහොතකම මා සමග සිටිය බව මම දැන ගන්නෙමි. උන්වහන්සේ මට ප‍්‍රීතිය දෙන අතර අභියෝගවලට මුහුණ දීමට මට උදව් කළ බවද මම දනිමි”. ඔහුගේ පිළිතුරට මම ආශා කරමි. ඊට හේතුව උන්වහන්සේගේ වචනය තුළින්ද ශුද්ධාත්මයෙන් අප තුළ සිටීමෙන්ද උන්වහන්සේට පේ‍්‍රම කරන අයට ළංව සිටිමින් උන්වහන්සේ ඔවුන් තුළ ක‍්‍රියා කරන ආකාරය දකින හෙයිනි.

උන්වහන්සේගේ අනුගාමිකයන් තුළ දෙවියන්වහන්සේ ක‍්‍රියා කිරීම මනහර අභිරහසකි. තම ලිපිය අවසන් කරන ආශිර්වාදයෙහි හෙබ්‍රෙව් කතෘ එය ගැන පවසන්නේය. “තමන් ඉදිරීයෙහි ප‍්‍රසන්නව තිබෙන දේ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කරණ කොට ගෙන… කරන පිණීස..” (13:21). මෙම අවසානය සමග කතෘ තම ලිපියේ ප‍්‍රධාන අදහස ශක්තිමත් කරයි. උන්වහන්සේ අනුගමණය කිරීමට දෙවියන්වහන්සේ තම සෙනග සන්නද්ධ කරන සේක. උන්වහන්සේගේ මහිමය සඳහා දෙවියන්වහන්සේ ඔවුන් තුළද ඔවුන් තුළින්ද ක‍්‍රියා කරන සේක.

අප තුළ ක‍්‍රියා කරන දෙවියන්වහන්සේගේ දීමනාවට අපව මවිත කළ හැකිය. සමහර විට අපට වරද කරන අයෙකුට අප සමාවෙනවා හෝ අසීරු අයෙකුට ඉවසීම පෙන්වනවා විය හැකිය. අපගේ “සමාදානයේ දෙවියන්වහන්සේ” (20 පදය) අප තුළද අප තුළින්ද උන්වහන්සේගේ සමාදානය ව්‍යාප්ත කරන සේක. මෑත කාලයෙහි දෙවියන්වහන්සේ ක‍්‍රියා කරනවා ඔබ දැක ඇත්තේ කුමණ ආකාරයටද?