උසස් පාසැලේ දුර දිවීමේ පහුණුකරු වරක් මට කීවේ “ඉස්සරහින් දුවන්න එපා. නායකයින් ඉක්මණින් වෙහෙසට පත් වෙනවා” කියාය. ඒ වෙනුවට මුලින් දුවන අය අසළින්ම දිවීමට ඔහු මට අවවාද කළේය. ඔවුන් පසුපසින් යන විට මාගේ මානසික සහ භෞතික ශක්තිය රැක ගෙන තරඟය අවසන් කිරීමට මට පහසුය.

නායකත්වය වෙහෙසට පත් කරයි. අනුගමනය පහසුය. එය දැන ගැනීම මාගේ දිවීම දියුණු කළේය. නමුත් කිතුණු ගෝලත්වයට එය අදාළ බව දැන ගැනීමට මට සෑහෙන කාලයක් ගියේය. මාගේ ජීවිතයෙහි ක‍්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවතෙකු වීම යනු තදින් වීර්යය කිරීම යයි සිතා සිටියෙමි. කිතුණුවෙකු සිටිය යුත්තේ කෙසේද කියා මා සිතන ආකාරයට සිතීමට උත්සාහ කර සරළව උන්වහන්සේ අනුගමණය කිරීමෙන් ලබන ප‍්‍රීතිය සහ නිදහස මට මග හැරී ගියේය (යොහන් 8:32, 36).

නමුත් අපගේ ජීවිතවලට අපට නායකත්වය දීම අප මවා ඇති අරමුණ නොවේ. යේසුස්වහන්සේ ස්වසංවර්ධන වැඩ සටහනක් පටන් ගත්තේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ පොරොන්දු වනුයේ උන්වහන්සේ සෙවීම තුළින් අප ආශා කරන නිවාඩුව අපට ලැබෙන බවය (මතෙව් 11:25-28). අනිකුත් ආගමික නායකයන් මෙන් ලියවිලි අමාරුවෙන් ඉගෙනීම හෝ සංකීර්ණ නීති රැකීම හෝ උන්වහන්සේ ඉගැන්වූයේ නැත. යේසුස්වහන්සේ ප‍්‍රකාශ කළේ උන්වහන්සේ දැනගන්ම තුළින් අපි දෙවියන්වහන්සේ දන්නා බවය (27 පදය). උන්වහන්සේ සෙවීමෙන් අපගේ විශාල බර ඉවත්වෙනවා අපට දැනේ (28-30 පද). අපගේ ජීවිත වෙනස් වේ.

ඊට හේතුව අපගේ මෘදු යටහත් තැනන්වහන්සේ අනුගමනය කිරීම කිසි විට කරදරයක් නොවන නිසාය (29 පදය). එය බලාපොරොත්තුවේ සහ සුවයේ මාර්ගයයි. උන්වහන්සේ තුළ පැවතීමෙන් අපි නිදහස් වෙමු.