“අපගේ ගීතිකාව අපි ලියමු” කියා අපගේ බයිබල් අධ්‍යයනයේ කෙනෙක් යෝජනා කළේය. මුලින් සමහරු විරුද්ධත්වය දැක්වූහ. ලිවීමේ හැකියාව තමන්ට නැතැයි ඔව්හූ කීවෝය. පසුව යම් දිරිමත් කිරීම් වලින් පසු සැම කෙනාම තම ජීවිතවල දෙවියන්වහන්සේ කළ දේවල් ගැන සිත් කාවදින කාව්‍යමය ගීතිකා ලීවෝය. සෝදිසි, ආරක්‍ෂා, සැපයීම්, වේදනා සහ කඳුළු තුළින් අපගේ ගීතිකාවලට අනගි තේමාවන් පැමිණියේය. ගීතාවලිය 136 මෙන් සෑම ගීතිකාවක්ම දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය සදහටම පවතින්නේය යන සත්‍යය එළිදරව් කළේය.

දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ගැන පැවසීමට කථාවක් අප සියලු දෙනාට ඇත්තේය. ඒ අප එය ලීවත් ගායනා කළත් ය. සමහරුන්ට අපගේ අත්දැකීම් ගැඹුරු විය හැකිය. නැතිනම් චිත‍්‍රපටියක් මෙන් විය හැකිය. සමහර විට එය ගීතාවලිය 136 හි කර්තෘට මෙන් දෙවියන්වහන්සේ තම සෙනඟ වහල්කමින් මුදවා සතුරා පරාජය කළ ආකාරය මෙන් වේ (10-15 පද). සමහරු දෙවියන්වහන්සේගේ අනගි මැවිල්ල විස්තර කරනු ඇත . “නුවණින් අහස මැවූ … ජල මතුයෙහි පොළොව අතුළාවූ…. මහත් අලෝක මැවූ….. දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ… රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ” (5-9 පද).

දෙවියන්වහන්සේ කව්ද යන්න මතක් කර උන්වහන්සේ කළාවූ දෙය සිහි කරන විට උන්වහන්සේ මහිමයට පත් කරන ප‍්‍රශංසාව සහ ස්තුතිය මතු වේ. එවිට අප එකිනෙකාට ගීතිකා, ගිත සහ ආත්මික ගීතිකා වලින් ආත්මයෙන් දෙවියන්වහන්සේ පැසසිය හැකිය (එපීස 5:19). ඒ සදාකාලයට පවතින තැනන්වහන්සේගේ යහපත්කම ගැනය. දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ගැන ඔබගේ අත්දැකීම ඔබගේම “ප‍්‍රශංසාවේ ගීතයක් බවට පත් කර උන්වහන්සේගේ නොනවතින උතුරා යන යහපත්කම භුක්ති විඳින්න.