නැහැ! නැහැ! නැහැ! නැහැ! මම මොර ගැසුවෙමි. නමුත් එය උපකාර වූයේ නැත. ටිකක්වත් නැත. අපගේ පයිප්ප ගැටළුවට මාගේ විශිෂ්ඨ විසඳුම නැවතත් වැරදිණි. මා බලාපොරොත්තු වූ දෙයෙහි විරුද්ධ පැත්ත ක‍්‍රියාත්මක විය. ලීවරය පහතට දැමූ විටම මා වරදක් කළ බව මට වැටහිණි. වතුර උතුරා යනු මම අසරණයෙකු මෙන් බලා සිටියෙමි.

අපගේ දරුවන් කිරි වත්කරන විට කී වරක් වරද්දා ගෙන ඇත්ද? සුදු කිරි හැම තැනම ඉහිරෙයි. සමහර විට සෝඩා බෝතලයක් ඩිකියේ ඇති බව අපට අමතක වේ. එහි ප‍්‍රතිඵලය මවිතය ගෙන දෙයි.

නැත. ඉහිරියාම සැම විටම හොඳ නැත. නමුත් එක් ස්ථානයකදී එය වෙනස්ය. අපෝස්තුළු පාවුල් එම රූපකය භාවිතා කරයි. “උතුරා යාම” ඔහු භාවිතා කරන්නේ ආත්මයෙන් පූර්ණ වී ඇති නිසා ස්වභාවිකවම ඔවුන් තුළින් බලාපොරොත්තුව උතුරා යන්නේය (රෝම 15:13) යනුවෙනි. මම ඒ චිත‍්‍රයට පේ‍්‍රම කරන්නෙමි. ඒ අප ප‍්‍රීතියෙන් සාමයෙන් සහ ඇදහිල්ලේ කට මට්ටමට පිරී යාමය. එසේ වන්නේ අපගේ ජීවිතයෙහි උන්වහන්සේගේ බලවත් අභිමුඛය නිසාය. උතුරායාම කෙතරම්ද කිවහොත් අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ කෙරෙහි අපට බලවත් සහතකියක් ප‍්‍රකාශ නොකර බැරිවේ. ඒ අපගේ ජීවිතයේ පියකරු උණුසුම් අවස්ථාවන්වලදී විය හැකිය. නැත්නම් ඒ අපගේ ජීවිතවල පෙරළීම් ඇති අවස්ථාවන්හීය. කෙසේ වෙතත් අපගේ ජීවිතවලින් උතුරා යන්නේ ජීවනදායක බලාපොරොත්තුවයි. අවට සිටින අය ඉන් නැහැවී යයි.