සමහර විට ජීවිතය අපට විශාල පහරක් දෙයි. තවත් සමහර විට හාස්කම් සිදුවේ.

බබිලෝනි වහලුන්ව සිටි තරුණයින් තුන් දෙනෙකු දරුණු රජු ඉදිරියෙහි සිටියෝය. ඔවුන් ඉදිරියෙහි තිබූ යෝධ රූපයට කිසි හේතුවක් නිසා හෝ නොවඳින බව ඔව්හු පැවසූහ. ඔවුන් සියල්ලෝ එක හඬින් කීවේ “ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන. රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවන සේක. එසේ නොකළත් රජ්ජුරුවෙනි ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේ නැති බව ඔබ දැනගත මැනව” (දානියෙල් 3:17-18).

මෙම මිනිසුන් තිදෙනා එනම් ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ ගිනි උදුනට දමනු ලැබීය. දෙවියන්වහන්සේ ආශ්චර්යමත් ලෙස ඔවුන් මිදෙව් සේක. ඔවුන්ගේ කෙස් ගසකටවත් කිසිවක් නොවීය. ඔවුන්ගේ ඇඳුම්වල දුම් ගඳ නොවීය (19-27 පද). ඔව්හු මැරෙන්න සූදානම්ව සිටියෝය. දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය සෙළවුනේ නැත. “එසේ නොකළත්” ඔවුන් වෙන දෙවිවරු නමස්කාර නොකරන්නෝය.

අප උන්වහන්සේට ඇලී ගැලී සිටීම දෙවියන්වහන්සේගේ ආශාවය. අපගේ ප‍්‍රියයා සුව නොවූවද අපගේ රැකියාව නැති වුනද අපට පීඩාව පැමිණියද අප නොසෙල්විය යුතු වේ. සමහර විට මේ ලෝකයේ භයංකාර දේවලින් දෙවියන්වහන්සේ අප ගළවන සේක. සමහර විට එසේ නොකරන සේක. නමුත් අපට අල්වා ගෙන සිටිය හැකි සත්‍යය නම් : “අප සේවය කරන දෙවියන්වහන්සේට පුළුවන”. උන්වහන්සේ අපට පේ‍්‍රම කරන සේක. ගිනි මෙන් එන සෝදිසිවලදී පවා උන්වහන්සේ අප සමගය. සෑම එසේ වුවත් යන අවස්ථාවල පවා උන්වහන්සේ අපට සමීපය.