මාගේ මිතුරිය වන කැරීගේ පස් හැවිරිදි දියණිය මයිජායි සෙල්ලම් කරන විට විවිධ වර්ගයේ බෝනික්කන් එකතු කර අලුත් සමාජයක් සාදන්නීය. ඇ කල්පනා කරන ලෙස සිල්ලෝ එක්ව සිටිය යුතුය. මේ ඇයගේ සෙනගයි. ඔවුන් ප‍්‍රීතියෙන්ම සිටින්නේ එක්ව සිටින විට යයි ඇය කල්පනා කරයි. ඒ ඔවුන් කුමණ ප‍්‍රමාණයෙන් හෝ හැඩතලයෙන් සිටියත්ය.

ඇයගේ නිර්මාණශීලීත්වය දෙවියන්වහන්සේ සභාවට තබා ඇති පරමාර්ථය මට සිහි ගන්වයි. ලූක් කියන අන්දමට පෙන්තකොස්ත දිනයේදී “එකල අහසින් යට තිබෙන සියලු දේශවලින් ආවාවූ භක්තිවන්ත යුදෙව්වරු යෙරුසලමෙහි වාසය කරමින් සිටියෝය” (ක‍්‍රියා 2:5). මේ සෙනඟ වෙනත් සංස්කෘතීන්වල වෙනස් භාෂා කථා කළ අය වුවද ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම ඔවුන් අලුත් සමාජයක් බවට පත් කළහ. ඒ සභාවයි. එතැන් සිට ඔවුන් එක් ශරීරයක් ලෙස ගණන් ගැනේ. යේසුස්වහන්සේගේ මරණින් සහ නැවත නැගිටීමෙන් ඔවුන් එක්සත් කරනු ලැබ ඇත.

මෙම අලුත් ශරීරයෙහි නායකයන් වූයේ උන්වහන්සේ මෙලොව වාසය කරන කාලයෙහි යේසුස්වහන්සේ එකතු කළ කණ්ඩායමකි. ඒ උන්වහන්සේගේ ගෝලයෝය. යේසුස්වහන්සේ ඔවුන් එකතු නොකළේ නම් බොහෝ විට ඔවුන් එක් නොවීමට ඉඩ තිබුණි. ඉන්පසු තවත් සෙනගය – 3000 ක් පමණ (2:41) කිතුණුවන් වී තිබුණි. ශුද්ධාත්මයාණන්ට ස්තුතිවන්ත වන පිණිස වරක් බෙදී සිටි කණ්ඩායම දැන් සියල්ල පොදුවේ තබා ගෙන උන්නෝය (44 පදය). ඔවුන් සතු දේවල් එකිනෙකා සමග බෙදා ගැනීමට ඔව්හු කැමති වූහ. අපි සැම විට එකමුතුව නොසිටිය හැකිය. එකිනෙකා ඉක්මණින් තේරුම් නොගනු ඇත. නමුත් ක‍්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවතුන් ලෙස අපි එකිනෙකාට අයත් වෙමු.