1960 එවකට වසර හයක් වූ රූබී බි‍්‍රජස් ඇමෙරිකාවේ දකුණේ සුදු ජාතීන්ට පමණක් සීමාවූ සියලුම ප‍්‍රාථමික පාසැල්වලට මුලින්ම ඇතුල්වූ ඇමෙරිකානු අප‍්‍රිකානු දරුවා වූවාය. මාස ගණනාවක් දිනපතාම රූබීව පාසැල් රැගෙන ගියේ පොලිසියෙනි. කෝපවූ දෙමාපියන් රැස්වී ඇය වෙත ශාප තර්ජන සහ අපහාස යොමු කළහ. පාසැලට ඇතුල්වූ පසු ආරක්‍ෂිතව ඇයට ඉගැන්වීමට කැමති වූ එකම ගුරුවරිය වන බාබරා හෙන්රිගෙන් ඇය ඉගෙන ගත්තාය. දෙමව්පියෝ රූබීගෙන් තම දරුවන් වෙන් කළෝය.

සුප‍්‍රසිද්ධ මනෝ විද්‍යාඥ රොබර්ට් කෝල්ස් රුබීව හමුවී ඇයගේ බිය සහ මානසික අවපාතය දරා ගැනීමට මාස ගණනක් ඇය සමග ක‍්‍රියා කළේය. ඇය පාසැලට යන අතරත් නැවත එන විටත් කළ යාච්ඤාව ගැන ඔහු මවිත විය. “ඔවුන් කරන දෙය ඔවුන් නොදන්නා නිසා ඔවුන්ට සමාවන්න” (ලූක් 23:24).

යේසුස්වහන්සේ වෙත එල්ල කරන ලද වෛරය සහ අපහාසවලට වඩා යේසුස්වහන්සේ කුරුසියේ සිට පැවසූ වචන ශක්තිමත්ය. උන්වහන්සේගේ වේදනාකාරී වෙලාවේදී අපගේ ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ අනුගාමිකයන්ට ඉගැන්වූ විප්ලවවාදි ප‍්‍රතිචාරය ප‍්‍රදර්ශනය කළ සේක. “නුඹලාගේ සතුරන්ට පේ‍්‍රම කරන්න. නුඹලාට වෛර කරන්නන්ට යහපත කරන්න. නුඹලාට ශාප කරන්නන්ට ආශීර්වාද කරන්න. නුඹලාට නින්දා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න ….. නුඹලාගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක් මෙන් නුඹලාත් දයාවන්තව සිටින්න” (ලූක් 6:27-28, 36).

මෙම විශ්මිත ළඟාවීමට හැකි වන්නේ යේසුස්වහන්සේ අපට දුන්නාවූ බලවත් පේ‍්‍රමය ගැන සළකා බලන විටය. දරුණුම වෛරයට වඩා ප්‍රේමය බලවත්ය.

රූබී බි‍්‍රජස් අපට මාර්ගය පෙන්වීමට උපකාර වුවාය.