කුස්සියේ මේසය උඩ මාගේ පූස් පැටියා බනිස් සොරෙන් කනවා මාගේ මව දුටුවාය. කේන්ති ගොස් ඇය පූස් පැටියාව එළවා දැමුවාය. පැය ගණනකට පසු අපි වත්ත පුරා පූස් පැටියාව සෙවීමු. ඌ පෙනෙන්ට නොසිටියේය. ඤාව් ශබ්දයක් යාම්තමින් ඇසුණී. පුළුන් ගසක උඩ අත්තක කුඩා කළු ගුලියක් මම දිටීමි.

තම හැසිරීම නිසා කෝපවූ මගේ මවගෙන් බේරීමට “වෙල්වට්” ඊට වඩා අසීරු ඉලක්කයක් සොයා ගත්තාය. අපිත් සමහර විට ඊට සමාන දෙයක් කරන්නෙමු. අපගේ වැරදි වලින් පැන දුවමින් අප ඊට වඩා භයංකාරත්වයකට පත්වෙන්නෙමු. එහෙත් දෙවියන්වහන්සේ අප බේරා ගැනීමට එන සේක.

නිනිවේ දේශනා කරන්න යයි යෝනාට දෙවියන්වහන්සේ කී විට ඔහු අකීකරු වී පැන ගියේය. විශාල මත්ස්‍යයෙක් ඔහුව ගිල ගත්තේය. “එකල යෝනා මත්ස්‍යයාගේ බඩේ සිට ස්වාමීන්වහන්සේට යාච්ඤා කරමින් මෙසේ කීවේය. මාගේ පීඩාව නිසා ස්වාමීන්වහන්සේට හඬ ගැසීමි. උන්වහන්සේද මට උත්තර දුන් සේක” (යෝනා 2:1-2) යනුවෙනි. දෙවියන්වහන්සේ යෝනාගේ මොර ගැසීම අසා “ස්වාමීන්වහන්සේ මත්ස්‍යයාට කථා කළ සේක. එවිට ඌ යෝනා ගොඩට වමාරා ලූයේය” (10 පදය). ඉන්පසු දෙවියන්වහන්සේ යෝනාට තවත් අවස්ථාවක් දුන් සේක.

අප පූස් පැටියා බිමට බැස්සවීමට උත්සාහ කර නොහැකි වූ විට ගිනි නිවන හමුදාවට එන්නට කීවෙමු. කරුණාවන්ත මිනිසෙකු උස ඉනිමගක් තබා පූස් පැටියා අල්ලා ගෙන මාගේ දෑතේ සුරක්‍ෂිතභාවයට පත් කළේය.

උස් තැන් වලද, ගැඹුරෙහිද දෙවියන්වහන්සේ අපගේ අකීකරුකමින් අපව මුදා ගැනීම පිණිස උන්වහන්සේගේ මිදීමේ පේ‍්‍රමය සමඟ යන සේක.