1963 දී ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිතුමා ඝාතන සිද්ධියේ සැඟවුණු අභිරහසක් නම් “බබුෂ්කා කාන්තාවය”. ඇය එම සිද්ධියේ දර්ශන කැමරාගත කළාය. නමුත් ඇය කවුද කියා අවිනිශ්චිත විය. මෙම අභිරහස් කාන්තාව කබායක් සහ හිස් ආවරණයක් පැළඳ (රුසියානු බබුෂ්කාවක් මෙන්) සිටියාය. ඇයව කෙදිනකවත් හඳුනා ගැනීමට නොහැකි වූ අතර ඇය ගත් ඡායාරූප කිසිවෙකු දුටුවේද නැත. එම අඳුරු නොවැම්බර් දිනයේ කථාව බියකරු නිසා “බබුෂ්කා කාන්තාව” එය නොකී බව විද්වතුන් අනුමාන කරති.

යේසුස්වහන්සේගේ ගෝලයන්ගේ සැඟවීම තේරුම් ගැනීමට අනුමානයක් අනවශ්‍යය. ඔව්හූ බියෙන් සැඟවුනේ ඔවුන්ගේ ස්වාමියාව නිලධාරීන් මැරූ නිසාය (යොහන් 20:19). ඔව්හු ඉදිරියට අවුත් තම අත්දැකීම පැවසීමට බියවූහ. නුමුත් ඉන්පසු යේසුස්වහන්සේ සොහොනෙන් නැගිටි සේක. ශුද්ධාත්මයාණෝ ඉක්මණින් පැමිණි සේක. වරක් බියෙන් සිටි ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් නිශ්චල කිරීමට ඉන්පසු නොහැකි විය. පෙන්තකොස්ත දිනයේදී ආත්මයෙන් බලගැන්වුන පේත‍්‍රෑස් පැවසුවේ “නුඹලා විසින් කුරුසියෙහි ඇණ ගැසුවාවු මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක‍්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ‍්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැන ගනීවා” (ක‍්‍රියා 2:36) යනුවෙනි.

යේසුස්වහන්සේගේ නාමය නිර්භයව කථා කිරීමට විශේෂිත පුද්ලිකත්වයක් ඇති හෝ සේවා පුහුණුවක් ලැබූ අය හෝ අවශ්‍ය නැත. යේසුස්වහන්සේ ගැන ශුභාරංචිය කීමට අපට හැකියාව දෙන්නේ අප තුළ වසන ආත්මයාණෝය. උන්වහන්සේගේ ශක්තියෙන් අපගේ ස්වාමීන්වහන්සේ ගැන අන් අයට කීමට ධෛර්යය අපට ලැබේ.