රාත‍්‍රියෙහි ඔබට නින්ද නොයන්නේ කුමක් නිසාද? මෑතකදී මට නින්ද නොගියේය. මම නිදි කිරමින් එහා මෙහා හැරෙමින් ප‍්‍රශ්නයකට විසඳුමක් සෙවීමි. අවසානයේදී ඉන් පසු දිනයේ අභියෝගයන්ට මුහුණ දීමට අවශ්‍ය ප‍්‍රමාණයට විවේකයක් නොලැබ අපහසුතාවයට පත් වන්නෙමි.

එය හුරු පුරුදුයි නේද? වියවුල් වූ සම්බන්ධතාවයන්, අවිනිශ්චිත අනාගතයන් මේ කුමක් වූවත් එක් අවස්ථාවකදී අපි කණස්සල්ලට ඉඩ දෙමු.

ගීතාවලිය 4 ලියන විට දාවිත් රජු කණස්සල්ලෙන් සිටියේය. බොරු චෝදනා වලින් සෙනඟ ඔහුගේ කීර්තිනාමය විනාශ කරමින් සිටියෝය (2 පදය). සමහරු ඔහුගේ පාලන හැකියාව ගැන ප‍්‍රශ්න කළෝය (6 පදය). අසාධාරණ ලෙස ඔහුට සැලකීම ගැන දාවිත් සමහර විට කෝප වන්න ඇත. නමුත් අපි මේ අනගි වචන කියවන්නෙමු. “මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි” (8 පදය).

චාර්ල්ස් ස්පර්ජන් 8 වන පදය අලංකාර ලෙස විස්තර කරන්නේය. “එසේ වැතිරී සිටීමෙන්…. දාවිත් වෙනත් කෙනෙකුගේ හස්තයට භාර වුණි. ඔහු එය සම්පූර්ණ ලෙස කළේය. තමන් ගැන නොසිතා ඔහු නිදා ගත්තේය. සම්පූර්ණ විශ්වාසයක් මෙහිදී අපි දකින්නෙමු”. මෙම විශ්වාසයට හේතුව කුමක්ද? මුල සිටම දෙවියන්වහන්සේ තම යාච්ඤාවන්ට පිළිතුරු දෙන බවට දාවිත් තුළ විශ්වාසයක් විය (3 පදය). එසේම දෙවියන්වහන්සේ තමන්ට පේ‍්‍රම කිරීමට තෝරා ගත් නිසා ඔහුගේ අවශ්‍යතා උන්වහන්සේ සපුරන බව ඔහු දැන සිටියේය.

කණස්සල්ල අපට තර්ජනය කරන විට උන්වහන්සේගේ බලය සහ අභිමුඛය මත යැපීමට දෙවියන්වහන්සේ උපකාර කරන සේක්වා! උන්වහන්සේගේ පරම පේ‍්‍රමණීය හස්තයේ අපට වැතිර නිදාගත හැකිය.