වසර කිහිපයකට පෙර ස්ත‍්‍රියක් තම යෞවන පුත‍්‍රයා භයානක සිද්ධියක් ඇතුළත් ප‍්‍රවෘත්තියක් නරඹමින් සිටි ආකාරය ගැන මා හට කීවාය. ඇය ක්‍ෂණිකව රූපවාහිනිය වසා දැමුවාය. “ඒවා බලන්න අවශ්‍ය නැහැ” ඇය ඔහුට කීවාය. වාදයක් හට ගැණුනි. ඇය අවසානයේ ඔහුට කීවේ “යම් පමණ දේ සැබෑද යම් පමණක් දේ සාධාරණද යම් පමණක් දේ පිරිසිදුද…” (පිලිප්පි 4:8) යනාදියෙන් පමණක් ඔහු තම මනස පුරවා ගත යුතු බවය. රාත‍්‍රී කෑමෙන් පසු ඇයත් ඇයගේ සැමියාත් ප‍්‍රවෘත්ති නරඹමින් සිටියහ. හදිසියේම ඔවුන්ගේ පස් හැවිරිදි දියණිය රූපවාහිනිය වසා දැම්මාය. “ඕවා බලන්න අවශ්‍ය නැහැ, දැන් අර බයිබල් දේවල් මතක් කර ගන්න”. ඇය මවක් මෙන් ගැඹුරු හඬින් කීවාය.

වැඩිහිටියන් ලෙස අපගේ දරුවන්ට වඩා ප‍්‍රවෘත්ති සමතුලිත කර ගැනීමට අපට හැකිය. නමුත් ඔවුන්ගේ දියණිය තුළ ඇගේ මව පෙර දුන් උපදෙස් හාස්‍යජනකව සහ ප‍්‍රඥා සහිතව සටහන් වී තිබුණි. හොඳින් හැඩ ගැසුණු වැඩිහිටියන්ද ජීවිතයේ අඳුරු පැත්ත ගැන අඛණ්ඩ විස්තර වලින් වියවුල් විය හැකිය. පිලිප්පි 4:8 හි පාවුල් සඳහන් කරන දේවල් ගැන මෙනෙහි කිරීම අප ලෝකය ගැන සිතන ආකාරය සහ අප සිතෙහි තැන්පත් වන වියවුල දුරු කරන ප‍්‍රතිකාරයක් වෙන්නේය.

අපගේ මනස පුරවා ගැනීමට අවශ්‍ය දේවල් ගැන හොඳින් තීරණ ගැනීම දෙවියන්වහන්සේට ගරුත්වය දීමේ හොඳ ක‍්‍රමයකි. අපගේ සිත් ආරක්‍ෂා කර ගැනීමටද ඒවා අපට උපකාර වේ.