මාගේ සැමියා මාසයක සංචාරයකට ගියේය. නිමේෂයකින් මම මාගේ රැකියාව, නිවස සහ දරුවන්ගේ කාර්යයන් ගැන ලත වීමි. ලිපියක් ලියා අවසන් කිරීමට දින හරිය. තණ කොළ කපන යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත විය. මාගේ දරුවෝ පාසැල් නිවාඩුවේ පසුවූහ. ඔව්හු අලසකමින් සිටියෝය. මම තනිව මේ සියල්ල කරන්නේ කෙසේද?

නමුත් මම තනිවී නැති බව මට ඉක්මණින් වැටහුණී. සභාවේ මිතුරෝ උදව්වට ආවෝය. ජොෂ් තණ කොළ කපන යන්ත‍්‍රය අලුත් වැඩියා කළේය. ජෝන් මට දිවා ආහාරය ගෙනාවේය. කැසිඩි රෙදි සෝදා දුන්නාය. අබී මට නිදහසක් ලැබෙන පිණිස ඇයගේ දරුවන් සමඟ සෙල්ලම් කිරීමට මාගේ දරුවන්ට ආරාධනා කළාය. දෙවියන්වහන්සේ මට සපයන පිණිස මේ අය භාවිතා කළ සේක. ඔව්හු රෝම 12 හි පාවුල් විස්තර කරන කරුණාවන්ත සමූහනයේ ජීවමාන චිත‍්‍රයක් විය. ඔව්හු අවංකව පේ‍්‍රම කළෝය (9 පදය). ඔවුන්ගේ අවශ්‍යතා පමණක් නොව අන් අයගේ අවශ්‍යතා ගැනද සිතුවෝය (10 පදය). මාගේ අවශ්‍යතාවයන් වලදී උපකාර කළෝය. ආගන්තුක සත්කාරය පෙන්වූහ (13 පදය).

මාගේ මිතුරන් මට පෙන්වූ පේ‍්‍රමය නිසා මාසයක් තනිව දරුවන් සාදා ගැනීමේ සුළු වෙහෙසේදී වුවද, “මම බලාපොරොත්තුවෙන්ද ප‍්‍රීතියෙන් සහ දුකේදී ඉවසිල්ලෙන්ද” යුක්තව (12 පදය) සිටියෙමි. මාගේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදර සහෝදරියෝ, එක් මිතුරෙක් කියන ලෙසට චර්මය සහිත දෙවියන් බවට පත්වූහ. අප සියලු දෙනාට පෙන්විය යුතු අවංක පේ‍්‍රමය ඔවුන් මට පෙන්වූහ. විශේෂයෙන් ඇදහිල්ලේ සිටින අයටය (ගලාති 6:10). ඔවුන් මෙන් වීමට මම බලාපොරොත්තු වෙමි.